Tuesday, January 24, 2012

සබරගමුවේ තවත් අරුමයක්...

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ කිසිදාක නොවූ දෙයක් අදත්(23-01-2012) සිදුවුණා. එනම් කරගස්තලාව විහාරස්ථානය විභාග මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමයි.


පසුගිය 17 වනදා ඇප මත මුදාහැරුණු සිසුන් පස්දෙනාට දැනට  විශ්වවිද්‍යාල භුමිය හා නේවාසිකාගාර භුමිය තහනම්ව පවතිනවා. මෙම සිසුන් පස්දෙනාගෙන් දෙදෙනෙකුට දැනට තම දෙවන සමාසිකයේ විභාගය ආරම්භ වී තිබෙනවා.  විශ්වවිද්‍යාල භුමිය තහනම්ව පවතින මෙම සිසුන් පස්දෙනා විභාගයට පෙනීසිටින්නේ කරගස්තලාව විහාරස්ථානයෙයි.






පසුගිය 10 වනදා විශ්වවිද්‍යාල භුමිය තුල සිදුවූ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති මෙම සිසුන් පස්දෙනා මෙවැනි තත්වයකට මුහුණදීමට සිදුවීම ඉතාම කණගාටුදායක සිදුවීමකි. වෙනදා තම සහෝදරයන් සමග විභාගයට පෙනීසිටින මොවුන් අද තනිවම කරගස්තලව විහාරස්ථානයේ බණ ශාලාව තුල විභාගයට මුහුණ දෙයි. නිවැරදි සිසුන් පස් දෙනෙකු බිල්ලට දී විශ්වවිද්‍යාල පරිපාලනය ගෙනයන මෙම අශිලාචාර වැඩපිළිවෙල වහ නතර කල යුතුය. මොවුන් වහාම විශ්වවිද්‍යාල භුමිය තුලට ගැනීමට කටයුතු කල යුතුය. මේ අතර එම සිසුන් පස් දෙනාට මෙලෙස හෝ දෙවන සමසික විභාගයට පෙනීසිටීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ගන්නා ලද නිවැරදි හා කාලෝචිත තීරණය සම්බන්ධයෙන් වැඩබලන උපකුලපති KRMU බණ්ඩාර මහතාටත් කළමනාකරණ අධ්‍යන පීඨයේ පීඨාධිපතිතුමාටත් සමස්ථ විශ්වවිද්‍යාලයීය සිසුන්ගේ ප්‍රසාදය හිමිවේ. "තම හරක් පට්ටියේ හරකුන් කොටියන් කෑ විට ගෙදර තිබෙන කොටි හමට තලනවා වැනි මෙම වැඩ පිළිවෙල නැවත්වීමට පරිපාලනය කටයුතු කල යුතුය".



විභාග මධ්‍යස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබිණි.

2 comments:

  1. this is the real situation government universities.some body try to handle students' life as there own one.do not continue this.....!

    ReplyDelete