Thursday, June 28, 2012

සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුව ජය ගනී..


අත්තනෝමතික ලෙස පන්ති තහනම් කළ ශිෂ්‍යයන් 58 දෙනා වෙනුවෙන් පෙනී සිටීම නිසා ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළුව පීඨ ශිෂ්‍ය සංගම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තහනම් කර අදට දින 455 ක් වන අතර එසේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කරන ලෙස බල කරමින් ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින (28 ) සාමකාමී පා ගමනක නිරත වූ අතර ලේඛකාධිකාරී කාර්යාලය අසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයකද නිරත වූහ.එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කරන බවටත් එ සඳහා අදාල නිවේදනය ලබන සඳුදා දින නිකුත් කරන බවටත් විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන් ඉදිරියේදී පොරොන්දු වන ලදි.

මෙය ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන්ගේ මෙන්ම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේද සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

Tuesday, June 19, 2012

සදා සමරමු විරු සිසුවෝ..



‘‘නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු අප සතු යුතුකමක් නොව අප උර මත පැටවුන වගකීමකි’’ එදා වෙනුර එදිරිසිංහ සොයුරා තම කපා දැමූ ඇඟිලි සහිත සුරතින් තමා රඳවා සිටි සිර කුටියේ බිත්තියේ ලියන ලද වැකියකි. තැලෙන්න තැලෙන්න පන්නරය වන වානේ මෙන පාලක ධනපති ගහලයන්ගේ මර්දනයේ රුදුරු හස්ථයට හසුවන හැම මොහොතක් පාසාම වඩා ජව සම්පන්න වන වඩා අධිෂ්ඨානශීලී වන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට අධ්‍යාත්මික අවි සැපයූ වෙනුර එදිරිසිංහ වැනි පරමාදර්ශී අපේම අයියලා අක්කලා අපේ වීරයෝ සමරණ තවත් ශිෂ්‍ය වීර දිනයක් අබිසට අප පැමිණ සිටින්නෙමු.
ඔවුන් නිදහස් අධ්‍යාපනය අද වන තුරු රැක ගැනීමට තම ලේ, කඳුළු,දහඩිය කැප කලෝය.

Tuesday, June 12, 2012

අන්තරය තහනම් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලයි


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බව සමස්ථ ලංකා සිසු හැරවුම් ව්‍යාපාරය සඳහන් කරයි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ අයිතිවාසිකම් හා සරසවි ආචාර ධර්ම කෙලෙසමින්ද සරසවියට ඇතුළු වන නවක සිසු සිසුවියන් වෙතින් තම කාමුක ආශාවන් සහ අනෙකුත් අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම සඳහා නවක වද භිතිකාව පතුරුවමින්ද මේ වන විට මෙරට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය අගාධවට ඇදගෙන යාමට කටයුතු කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වහාම තහනම් සංවිධානයක් කිරීමට අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සියලූ කටයුතු සූදානම් කොට ඇතැයිද ඔවුන් පවසයි.
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ නීතිමය රාමුවට සම්පූර්ණයෙන්ම පැටහැනිව පටු දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවන ලද සංවිධානයක් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සරසවි සිසුන් උසි ගන්වමින් ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ න්‍යායපත‍්‍රයට අනුය කටයුතු කරන බවද පවසන එම ව්‍යාපාරය අන්තරය තහනම් කිරීම උදෙසා දියත් කිරීමට සූදානම් වන අධිකරණ ක‍්‍රියාවලිය සඳහා මහා සංඝ රත්නයේ ආශිර්වාදයද, රජයේ සහ මහජනතාවගේ සහයෝගයද බලාපොරොත්තු වන බව කියා සිටී.


පසු වදන..

ඔබත්,මමත් නිදහස්  අධ්‍යාපනයේ දරුවෝ වෙමු.සිසු හැරවුම යයි කියාගනිමින් ආණ්ඩුවට පැහැදිලිවම කඩේ යන මේ පුද්ගලයි අඩුම තරමේ මහපොළ ශිෂ්‍යත්වය වර්තමානයේ ශිෂ්‍යයෙකුගේ මාසික වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවෙතැයි නොදන්නා අමනයෝය..