Saturday, January 21, 2012

සිසුන්ට තර්ජනය කිරීමක්..

               ඊයේ (2012.01.20) ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ බණ්ඩාර පිරිමි නේවාසිකාගාරයට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු එම නේවාසිකාගාරයේ සිටි සිසුන්ට තර්ජනය කර ඇත. මෙම පුද්ගලයින් දෙදෙනා පැමිණ ඇත්තේ SG MK 6955 අංකය දරන discovery වර්ගයේ කළු පහැති මෝටර් බයිසිකලකිනි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇති අතර පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. එමෙන්ම භූ විඥාපන පීඨයේ පීඨාධිපතිතුමා, ශාලාධිපතිවරු, උපශාලධිපතිවරු ඇතුළු වගකිවුතු සෑම පාර්ශවයක්ම දැනුවත් කොට ඇත.




මේ අතර මෙම පුද්ගලයින් දෙදෙනා පාරේ ගමන් කරමින් සිටි තවත් සිසුන් පිරිසකටද තර්ජනය කර ඇත. මෙම සිද්ධියත්  පසුගිය 10 වනදා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල සිසුන් හතර දෙනෙකුට පහරදීමේ සිද්ධියත් ඊයේ හටගත් සිද්ධියත් අතර පැහැදිලි සම්බන්ධතාවක් ඇති සැලකිය හැක.
 
සිසුන්ගේ ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇතිබව මෙවැනි සිද්ධි තුලින් පෙන්නුම් කෙරේ.ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යායේ බොහෝ නේවාසිකාගාර පිහිටා ඇත්තේ පඹහින්න ගම්මානය තුලය.විශ්වවිද්‍යාල  පරිශ්‍රයට සංවිධානාත්මක පුද්ගලයින්ට ඇතුළු වී සිසුන්ට පහරදී පලායාමට තරම් අනාරක්ෂිත
 තත්වයක් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලිය ආරක්ෂක අංශය විසින් ඇතිකර ඇති බව අප පෙර ලිපි වලින් පැහැදිලි කළෙමු.
මේ සිදු වීම් පිටුපස සිටින අදිසි හස්තය කවුරුන්දැයි වහාම හදුනා ගත යුතුය...

No comments:

Post a Comment