අපි කවුද..?

වර්තමාන සමාජය තු විශ්වවිද්‍යාල සිසුවෙකු කියන්නේ කවුද?
විශ්වවිද්‍යාල සිසුවෙකු කියන්නේ ලංකාවේ තරඟ  කාරිම  විභාගය වන උසස් පෙළ විභාගය ඉහලින් සමත් වෙලා විශ්ව විද්‍යාලයට ඇතුලත් වුන කෙනෙක්.එතකොට සමාජ මතය තියෙන්නේ ඔවුන් අරගලකාරී,රැඩිකල් කෙනෙක් කියල..මේක අපේ රටේ මාධ්‍ය වලින්  හදපු දෙයක්.මේකද ඇත්ත...? සැබෑ කතිකාවතකට කාලය ඇවිත්..
ආදරණිය සහෝදරයා,සහෝදරිය,
අද වන විට විශ්වවිද්‍යාල  පද්ධතිය තුල නොයෙක් ආකාරයෙන්  ශිෂ්‍ය ක්‍රියාකාරකම් කප්පාදු කිරීම් සිදු වෙමින් පවතී.රටක සංවර්ධනයේ ප්‍රධාන මෙහෙයුම් කරුවා විශ්වවිද්‍යාල සිසුවාය.ඔහු අන්වර්යයෙන් අත්දැකීම් වලින් පරිපුර්ණ පුද්ගලයෙක් විය යුතුය.කලකට පෙර විශ්වවිද්‍යාල තුල කලා උළෙල,ප්‍රදර්ශන,කතිකාවත් සංවිධානය  විය.මෙම ක්‍රියාවලි තුලින්  අප අතරින් නායකයින් බිහි වියරඟමඩලේ රංගන ශිල්පීන්බිහිවෙද්දී විටක වේදිකාව ස්වර සංගීතයෙන්  මවිත කිරීමට අපි සමත් වීමුලේඛකයින්,නිර්මාණකරුවන් අප අතරින් බිහි වූයේ අප සියල්ලන්ටම දක්ෂයින්බව අපටම පසක් කර දෙමිනි.
      එපමණක් නොව අප අතර වූ අපේම සහෝදරසහෝදරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය අප විශ්මයට පත් කලේය.මේඅපගේ අධ්‍යාපන පසුබිම තු ගැබ්ව තිබූ ඇතැම්විට ඔබ,අප නොදුටු චරිතයි.මේ අප දුටු අප ගත කළ අතීතයයි.නමුදු මෙය වර්තමානද,අනාගතයද නොවන බව ඉදුරාම ඔබට පසක් වනු ඇත.අද පළමු වසර සහෝදර,සහෝදරියන්  දෙස හරි බැලුවොත් ඔවුන් අද පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය.ඔවුන් දේශනවලටද  ,නැවත නේවාසිකාගාරයටද යන චක්‍රයට හසුව  රොබෝවරුන් තත්වයට පත්ව ඇත.විශ්වවිද්‍යාල සිසුන් එකිනෙකා දැන හැදින ගන්න අයුරුන් සිදුවන ක්‍රියාකාරකම් සියල්ල නවත්වා දම ඇත.රටේ සංවර්ධන ක්‍රියා වලිය බාරගැනීමට සුදුසු ශක්තිමත් සිසු පරපුරක අවශ්‍යතාවය රට ඉල්ලමින් පවතී..