::::::: කවි :::::::
කොන්දක් තිබුනේ අධ්‍යාපන ඇමතිවරු තිදෙනෙකුටයි
ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය පිළිබඳව නිවැරදි දැක්මක් සහිත කොන්දත් ඇතිව තීන්දු තීරණ ගත්තේ ඇමතිවරු තිදෙනෙකු පමණක් බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන වතම්න සුළු අපනයන බෝග අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල සහ රිචඞ් පතිරණ යන අය කොන්දක් සහිත අධ්‍යාපන අමාත්‍යවරුන් බවදඅමාත්‍යවරයා සඳහන් කරයි.

උපුටාගැනීම lankacnews.com
උසස්පෙළ ප්‍රතිඵල අවුලේ නොයෙක් කතා....
2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 2011.12.25 රාත්‍රියේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.මෙවර ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වුයේ විෂය නිර්දේශයන් දෙකක් යටතේ මෙවර විභාගය පැවැත්වූ නිසයි.
ඒ අනුව නව නිර්දේශයෙහි හා පැරණි නිර්දේශයන්හි Z අගයන් වෙන වෙනම ගණනයකොටත්,එම Z අගයන් එකම විභාගයක් සේ සලකා එකම Z අගයක් ලෙසත් වෙනම දත්ත වාර්තා දෙකක් විශේෂ කමිටුවක් වෙත පිලිගැන්වුනා.
නමුත් එම නිකුත්කරනලද ප්‍රතිඵලයේ ගැටළු සහගත තැන් තිබු බව ඔබ අප කව්රුත් දන්නවා.රටක අනාගතය වන බුද්ධිමත් දරු පිරිසකගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් මෙසේ හෑල්ලුවට ලක් කිරීම කොතරම් අපරාධයක්දයි ඔබට වැටහෙනවා ඇති.
රටේ වගකීමක් දරන පුද්ගලයින් මේ පිලිබඳ දැක්වූ හාස්‍යජනක අදහසුයි මේ.....
ප්‍රතිපලය දුටුවම....