Sunday, January 15, 2012

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල ජනවාරි 10 දින සිදුවූ සිදුවීමේ සත්‍ය තත්වය..





       විශ්වවිද්‍යාලය තුළ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයකට ලක් කරමින් 2012.01.10 දින රාත‍්‍රියේ රාතී‍්‍ර 10.15 ට පමණ විශ්වවිද්‍යාලය තුලදී සිසුන් 4 දෙනෙකුට නන්නාදුනන මැර කණ්ඩායමක් විසින් පහරදීමක් සිදුකර ඇත.

මෙම පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනාගෙන් තිදෙනෙකු එම අවස්ථාවේදීම ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් පඹහින්න මුලික රෝහලට ඇතුලත් කර ඇත.


මෙම පහර දීම සිදුකර ඇති අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක අංශ නිළධාරින්ද එම ස්ථානය අවට සිට ඇති නමුත් එම සිසුන්ට කිසිදු ආරක්ෂාවක් සපයා නොමැතිව වගකීම් විරහිතව කටයුතු කර ඇත.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් අලූතින් ස්ථාපනය කරන ලද ආරක්ෂක අංශය සිසුන්ට මෙම නාදුනන පුද්ගලයින් ඇතුල්වී පහර දී පිටවී යන තෙක් මේ සම්බන්ධව කිසිදු මැදිහත් වීමක් සිදු නොකිරීම පුදුමයට කරුණකි.

මක්නිසාද යත් පහරදීම සිදුවු ස්ථානය හා ආරක්ෂක මුරකුටිය අතර ඇත්තේ මීටර් 20 කටත් වඩා අඩු දුරකි. මෙම සිදුවීම සිසුන්ගේ ආරක්ෂාවට ඇති තර්ජනය මොනවට කියාපාන්නකි.




  

එම අවස්ථාවේදී විශ්වවිද්‍යාලය තුලට රැස්වූ සිසුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලින් ප‍්‍රශ්න කරමින් සිටියදී යම් මෙහෙයවීමක් යටතේ සංවිධානාත්මක පිරිසක් ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශකතුමාගේ නිවසට, මෙන්ම මෝටර් රථයටද අලාභහානී කිරීමද දැඩිව හෙළා දකින්නෙමු.

මෙම සිදුවීම් සියල්ල සැලකූ විට අපහට අවබෝධ වන කරුණ නම් සිසුන් හා ආචාර්යවරුන් අතර විරසකයක් ගොඩනැගීම සඳහා පහර දීම සිදුකල පිරිස මගින්ම සැලසූම් සහගතව මෙහෙය වූ බවයි.

ඊට පසු දින පොලිසිය විසින් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති සිසුන් පස් දෙනාගේ නම් නේවාසිකාගාරය වෙත පැමිණ දැන්වූ අතර පසුව ඔවුන් එදිනම සමනලවැව පොලිසිය වෙත බාරවෙන ලදි. ඉන්පසු ඔවුන් බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 17 වනදා තෙක් කුරුවිට රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

මෙහි ඇති හාස්‍යජනක මෙන්ම කණගාටුදායක සිදුවීම නම් ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශක විසින්ම මෙම සිසුන් පස්දෙනාගේ නම් ඉදිරිපත් කර හදුනාගැනීමේ පෙරෙට්වක් ඉල්ලීමයි.

මෙම සිද්ධිය වූ දින රාත‍්‍රියේ මෙහි සඳහන් ශිෂ්‍යයින්ගෙන් තුන්දෙනෙකු පහරකෑමට ලක්වූ සිසුන් සමග රෝහලේ සිටි අතර අනෙක් සිසුන් ප‍්‍රිය සාදයකට සහභාගි වී සිටි අය වෙති. මෙය සෘජුවම මෙම සිසුන්ගෙන් පලිගැනීමට සංවිධානය කල කටයුත්තක් බව පැහැදිලිය.

සිද්ධිය මෙසේ වෙමින් පවතිද්දී විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මාධ්‍ය වෙත පවසා ඇත්තේ විශ්වවිද්‍යාලය තුළ කිසිදු පහරදීමක් සිදු නොවූ බවයි.







එසේම 2012.01.11 දින ඉහත සිදුවීම් සියල්ලට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාලය තුළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.


 


 ඇදහැළුණු මහා වැසි නොතකමින් සිසුන් පාගමනේ.

No comments:

Post a Comment