Friday, January 13, 2012

සබරගමු සිසුන්ට එල්ලවූ මැර ප්‍රහාරය...

දිනය       2012.01.10
වේලාව     10.20 pm
ස්ථානය    ශ්‍රී  ලංකා  සබරගමුව විශ්වවිද්‍යාලය..



සබරගමු සිසුන්ට එල්ලවූ මැර ප්‍රහාරය...   

ජනවාරි මස 10 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වූ මැරයන් තිදෙනෙක් සබරගමු විශ්වවිද්‍යාලිය සිසුන්  සතරදෙනෙකුට   පහරදී පලා ගොස් ඇත.මෙම අවස්ථාවේදී "රක්නා ලංකා" ආරක්ෂකන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිට ඇත.විශ්වවිද්‍යාල තුලට ඇතුළු වූ අනවසර පුද්ගලයන් හා සිදු වූ සිද්ධිය සම්බධයෙන් නිහඩව සිටීම ආරක්ෂක අංශයේ වගකීම පැහැර හැරීමකි.සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් පඹහින්න රජයේ රෝහලට ඇතුලත් කර ඇති අතර,එහිදී සමනල වැව පොලිසිය විසින් කට උත්තර ලබා ගත් අතර මෙම ලිපිය ලියවෙන (14.01) අද දින වන විට කිසිදු සැකකරුවෙක්  අත්අඩංගුවට ගෙන නොමැති අතර,මේ වනතුරු කිසිදු පරීක්ෂණයක් සිදුවන සේයාවක් නොමැත.



ජනවාරි මස 10 වන දින පන්ති තහනමට ලක්ව සිටි සිසුන් තිදෙනෙකු මාස තුනකට තාවකාලිකව පන්ති තහනම ඉවත් කර විශ්වවිද්‍යාලය අධ්‍යාපන වරම් ලබාදීම සිදුවිය.මෙම පහරදීම  සිදුවන අවස්ථාවේදී මැරයන් මෙම සිසුන් ගැනද සදහන් කරමින් පහරදී ඇත.කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සිසුන්ට පහරදී ඇති සැක කළ හැක.
මෙම සිදුවූ පහර දීමත්  සමග සිසුන්ගේ ජිවිත වල ආරක්ෂාවට විශාල ලෙස බලපෑමක් ඇතිවී ඇත.මන්දයත් ඕනෑම කෙනෙකුට විශ්වවිද්‍යාලය තුලට පැමිණ සිසුනට පහර දී පලායාමට පරිසරයක් ආරක්ෂක අංශ විසින් ඇතිකර ඇත.රුපියල් මිලියන ගණනින් වියදම් කර නඩත්තු කරන " රක්නා ලංකා " ආරක්ෂක සමාගම මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් ගිලිමින් සිටී.      




No comments:

Post a Comment