Sunday, March 17, 2013


සබරගමුවේ ශිෂ්‍ය සංගම් තහනම් කෙරේ..

   2013 මාර්තු 14 වන දින මධ්‍යම රාත‍්‍රී 12.00 සිට ක‍්‍රියාත්මකවන පරිදි සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එහි උපකුලපතිවරයා විසින් තීරණය කර ඇත. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 118.1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට හානිකර අයුරින් කටයුතු කළේ යැයි චෝදනාකරන බලධාරීන් පවසන්නේ මහා ශිෂ්‍ය සංගමය විසින් නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම මේ සඳහා බලපා ඇති බවයි.
  මෙය මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් වන අතර රැස්වීම පවත්වා ඇත්තේ විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු පිළිබඳව සාකච්චා කිරීම සඳහා සිසුන්ගේ ස්ව කැමැත්තෙනි.ඒ මේ වන විට විශ්වවිද්‍යාලය තුළ උද්ගතව ඇති සිසුන් බඳවා ගැනීම් කප්පාදුව සහ අනෙකුත් අධ්‍යයන හා සුභ සාධන ගැටළු පිළිබඳ සාකච්චා කිරීමටය. මෙවර ඉතාමත් විශාල ප‍්‍රතිශතයකින් එනම් 41% කින් පමණ බඳවා ගැනීම් කප්පාදු කර ඇති අතර, එම ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව සංවිධානය විම හා අරගල කරීම ආණ්ඩුවට අනුව නීතිවිරෝධී හා ප‍්‍රතිගාමී වුවද, මේ රටේ සිසුන් හා දෙමවුපියන් පැත්තෙන් සලකා බලන කළ එය පැහැර හැරිය නොහැකි වගකීමකි. තවද මෙම රැස්වීම කිසිදු බලහත්කාරයක් හරහා සිදු නොකළ බවට සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන් සාක්ෂි දරනු ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳව ගනු ලබන නීතිමය කි‍්‍රියාමාර්ගවල දී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට ද අපි සූදානම්ව සිටමු.



Friday, February 1, 2013

සිසුන්ගේ දැඩි අප්‍රසාදය මද්‍යයේ අඩක් නිමාවූ භූ විඥාපන පීඨ සංකීර්ණය...... ! සැලසුමකට හෝ ප්‍රමිතියකට ඉදිකර නොමැති ක්‍රීඩා පිටිය....... ! අනාරක්ෂිත නේවාසිකාගාරය........ ! සිසු අයිතියට පත්කිරීමට සැරසේ


සබරගමුව විශ්වවිද්‍යාලයේ මෙම ලිපිය ලියන මොහොත වනවිටත් (2013/02/01) ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින භූ විඥාපන පීඨ සංකීර්ණය, පිරිමි නේවාසිකාගාරය සහ සැලසුමකට හෝ ප්‍රමිතියකට ඉදිකර නොමැති ක්‍රීඩා පිටිය සහ ක්‍රිඩාගාරය හෙට දින(2013/02/02) සිසු අයිතියට පත්කිරීමට පරිපාලනය කටයුතු යොදා ඇත.

ප්‍රමිතියෙන් තොරව ඉදිවන මෙම ඉදිකිරීම් පිළිබදව මාස කිහිපයක සිටම අදාල බලධාරීන් දැනුවත් කලද මේදක්වා ප්‍රතිචාර දක්වා නොමැත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා යැවු ලිපියේ පිටපතක් පහත දක්වා ඇත.



Wednesday, January 2, 2013


දියතලාව නායකත්ව පුහුණුවේදී දඬුවම් ලැබූ වෛද්‍ය සිසුවියක් රෝගාතුර වෙලා

දෙමව්පියන්ගෙන් ආරක්ෂක ලේකම්ට පැමිණිල්ලක්

දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබන වෛද්‍ය ශිෂ්‍යාවකට පුහුණුකරුවන් දැඩි ලෙස දඬුවම් පමුණුවා ඇති බවටත් ඉන්පසුව  ඇය රෝගතුර වී ඇති බවටත් එම ශිෂ්‍යාවගේ මවුපියන් ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කර ඇත.
 
    නායකත්ව පුහුණු කඳවුරේ පහසුකම් ප්‍රමාණවත් නොවන බවටත් එහි දී තම කණ්ඩායමට දැඩි අපහසුතාවලට ලක් වීමට සිදු වන බවටත් එම ශිෂ්‍යාව මවුපියන්ට දැනුම්දීම නිසා  එම පුහුණුකරුවන් ඇයට එවැනි දඬුවමක් දී ඇති බව ද පැවසේ.

    මේ පිළිබඳව මවුපියන් කළ පැමිණිල්ල මත ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී ගෲප් කපිතාන් ජානක අමරසිංහ මහතාගෙන් ද කරුණු විමසා තිබේ.

    නායකත්ව පුහුණු කඳවුරේ ඇති පහසුකම්  ප්‍රමාණවත් නොවන බවටත් මකුණන් සහිත මෙට්ටවල නිදා ගැනීමට සලස්වා ඇති බවටත් එම වෛද්‍ය ශිෂ්‍යාව ඇයගේ මවුපියන්ට දැනුම් දී ඇති අතර ඉන් පසුව මවුපියන් ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.

   එම කඳවුරේ තිබෙන තත්ත්වය සම්බන්දයෙන් තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් පුහුණුකරුවන් ඇයට මෙම දඬුවම ලබා දී ඇති බවද ඉන් පසුව ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බවද ඇයගේ දෙමාපියෝ සඳහන් කරති.

   ඉකුත් 30 වැනිදා පස්වරුවේ තම දියණියට එම දඬුවම් දී තිබුණු අතර ඒ නිසා අසනීප තත්ත්වයෙන් පසු වන බවට දියණිය තමන්ට දුරකතනය ඔස්සේ දැනුම් දුන් බව ද ඔවුහු සඳහන් කරති. වෛද්‍ය පීඨවල තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 700 දෙනෙක් පමණ දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබති.

  (උපුට ගැනිම - ලංකදීප 01/01/2013)           
 

නව වසර

Add caption