Thursday, July 26, 2012

දින 388 කට පසු සබරගමුවේ මහා ශිෂ්‍ය සංගමය නැවත පිහිටුවයි

                1991.11.05 දින අනුබද්ධිත විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ වු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය කෙටිකාලයක් තුල ඉතා දියුණු තත්වයකට පත්වෙමින් පවතින අතර මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය අතර ඉහලින්ම වැජඛෙන ළාබාල විශ්වවිද්‍යාල අතර පෙරමුණේ පවතී. අවම භෞතික හා මානව සම්පත් ප්‍රමාණයකින් ආරම්භ වී අද වන විට අති විශාල දියුණුවකට පත්වීම දක්වා විශ්වවිද්‍යාලයක් වශයෙන් අප ආ ගමනේ විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල පරිපාලනය, අධ්‍යයන හා අනධ්‍යයන යන සිවු පාර්ශවයන්ගේ කැපකිරීම අප හට අමතක කළ නොහැකි කරුණකි. ඒ අතුරින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප සබරගමු විශ්වවිද්‍යාලයේ නාමය ඉහලින් රැදවීමට කළ අනේකවිධ කැපකිරීම් පිළිබඳව විශ්වවිද්‍යාලීය සියළු පාර්ශවයන්ට සිහි ගැන්විය යුතු නැතැයි අප සිතන්නෙමු. එමෙන්ම මෙම සියළු ක්‍රියාකාරකම් හි මඟ පෙන්වීම හා නිවැරදි නායකත්වය ලබාදීම සිදුකරනු ලැබුවේ ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටි පීඨ ශිෂ්‍ය සංගම් පහ ඇතුළු මහා ශිෂ්‍ය සංගමයයි. මෙම සියළු ආයතන ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව සංස්කෘතික, සමාජයීය, අධ්‍යාපනික වශයෙන් හා විශ්වවිද්‍යාලීය උන්නතිය වෙනුවෙන් කැපවු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල පැවති එකම ව්‍යවස්ථාපිත ආයතනයද විය.

Tuesday, July 24, 2012

සබරගමුවේ අපි පරිසරය දෙස හෙලු බැල්ම..



සමනල වැව් තාවුල්ල යෝධ නිදිකුම්බා උවදුරෙන් මුදා ගැනීම සදහා දියත් වන ශ්‍රම දානය ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ වල සහෝදරත්වයේ සහභාගිත්වයෙන් 2012 ජුලි මස 24 වන අඟහරුවාදා උදැසන 7 ට ආරම්භ වුන අතර. එම අවස්තාව කැමරා ඇසෙහි සටහන් වු  අයුරු පහතින් දැක් වේ 







Thursday, July 19, 2012

සමනල වැව් තාවුල්ල යෝධ නිදිකුම්බා උවදුරෙන් මුදා ගැනීම සදහා දියත් වන ශ්‍රම දානය




සමනල වැව් තාවුල්ල යෝධ නිදිකුම්බා උවදුරෙන් මුදා ගැනීම සදහා දියත් වන ශ්‍රම දානය ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ වල සහෝදරත්වයේ සහභාගිත්වයෙන් 2012 ජුලි මස 24 වන අඟහරුවාදා උදැසන 7 ආරම්භ වේ.මේ සඳහා සබරගමු සහෝදරත්වයේ සහභාගිත්වය අපේක්ෂා කරමු..

Tuesday, July 17, 2012

භූ විඥාපන පීඨ ශිෂ්‍ය සංගම් කාර්යාලය නැවත සිසු අයිතියට.


2011-03-24 වන දින අත්නෝමතික ලෙස තහනම් කරන ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ පහට අදාල ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපනය කිරීම පසු ගිය දා සිදු විය.මේ අනුව සියලුම පීඨ සදහා අදාල ශිෂ්‍ය නියෝජිතයින් තේරී පත් වීමට නියමිතය.වසකුත් මස හතරක අධික කාලයක් සිසුන් විවිධ අයුරින් යටපත් කරමින් වසා දමා තිබුණු ශිෂ්‍ය සංගම් කාර්යාල නැවත සිසුන්ට ලබා දීම සිදු විය.

  



භූ විඥාපන ශිෂ්‍ය සංගම් කාර්යාලය

සබරගමුවේ ශිෂ්‍ය සංගම් නැවත සිසුන් අතට..

2011-03-24 වන දින අත්නෝමතික ලෙස තහනම් කරන ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ පහට අදාල ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපනය කිරීම පසු ගිය දා සිදු විය.මේ අනුව සියලුම පීඨ    සදහා අදාල ශිෂ්‍ය නියෝජිතයින් තේරී පත් වීමට නියමිතය.වසකුත්    මස හතරක අධික කාලයක් සිසුන් විවිධ අයුරින් යටපත් කරමින් වසා දමා තිබුණු  ශිෂ්‍ය සංගම් කාර්යාල නැවත සිසුන්ට ලබා දීම සිදු විය.
 

Wednesday, July 4, 2012

සමනල වැව යෝධ නිදිකුම්බා උවදුරෙන් ගලවා ගනිමු..


සමනල වැව යනු සබරගමුව සබරගමුව පළාතේ විශාලම ජලාශය වේ.එමෙන්ම දේශීය, විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගත් ස්ථානයකි.හිරිකටු ඔය,බෙලිහුල් ඔය,වලවේ ගඟ සහ තවත් ජලපෝෂක වලින් පෝෂණය වන සමනල වැව මේ වන විට යෝධ නිදිකුම්බා ශාකයේ තර්ජනයට ගොදුරුව ඇත.මේ ලිපිය පාදක වන්නේ දැනට සමනල වැව් තාවුල්ල,වැව රක්ෂිතය වසා පැතිර යමින් පවතින අලකේශ්වර යෝධ නිදිකුම්බා උවදුර පිළිබඳවයි.

සමනල වැව

යෝධ නිදිකුම්බා ශාකය දැනට ලංකාව තුල ආක්‍රමණික ශාකයක් ලෙස පරිසර වේදීන් හදුනාගෙන ඇත.උඩවලව, කන්ද උඩරට ප්‍රදේශවල දැනට මෙම පැලෑටිය ශීඝ්‍රයෙන්පැතිර යයි.යෝධ නිදිකුම්බා ශාකය
ඉතා තියුණු කටු සහිත,වසර දෙකක් පමණ වයසැති ශාකයක් වර්ග අඩි 30 ක පමණ වපසරියක විසිරි පවතී. වියලි බීජ සුළඟ හා ජලය මගින් පැතිරී යාම නිසා ගහනය දිනෙන් දින ඉතා පුළුල් වේ.ශාකය විනාශ කිරීමට ගත හැකි එකම පියවර වන්නේ ශාකය කපා ගිනිතබා විනාශ කිරීම පමණි.



යෝධ නිදිකුම්බා බීජ









සමනල වැව් තාවුල්ලේ යෝධ නිදිකුම්බා ගහනය


අප විසින් 2012-07-04 දින සමනල වැව් තාවුල්ලේ සහ රක්ෂිතය අවට කරන ලද සංචාරය අනුව අපට පැහැදිලි වුයේ අක්කර 5 ක පමණ භුමි භාගයක් මෙම උවදුරට ගොදුරු වී ඇති බවයි.


මෙම උවදුරෙන් සමනල වැවට හා එහි අවට ගම්වැසියන්ට ඇති අවදානම.
  • ගහනය ජල පෝෂක කලාපය දක්වා පතිරුනහොත් ජල උල්පත් සිඳී යාමේ අවධානම.
  • බීජ ජලය හා සුළඟ මගින් සමනල වැව අවට කුඹුරු සහ අනෙකුත් වගා භුමි වෙත පැතිරීමේ අවදානම්.එමෙන්ම එහිදී සිදු විය හැකි හානිය පුර්වොකල්පනය කල නොහැකි තරම්ය.
  • රමණිය සමනල වැව් තාවුල්ලේ සුන්දරත්වය විනාශ වීම.
  • විධිමත් විනාශ කිරීමකින් තොරව විනාශ කල නොහැකි නිසා ඉතාම සුළු ඉඩකඩක වුවද ඝනව,සරුසාර ලෙස වැඩි ගහනය වැඩි කිරීමේ හැකියාව
  •  

අපගේ අදහස නම් මෙම උවදුරෙන් සමනල වැව හා එහි ජල පෝෂක භුමිය බේරාගැනීමේ අයිතිය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව වන අපහටද ඇති බවයි..