Wednesday, January 18, 2012

සබරගමු සිසුන් පස්දෙනා ඇප මත නිදහස්..

පසුගිය ජනවාරි මස 10 දින ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක වරයාගේ නිවසට කිසියම් පිරිසක් එල්ල කරනලද ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් පස් දෙනා ඊයේ බලන්ගොඩ දිසා අධිකරණයට ඉදිරි පත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කරන ලදී.මීළඟ  නඩු වාරය 2012.06.05 වන දිනට කල් දමන ලදී.මෙහිදී සිසුන්ට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කරන ලදී.



   

මේ අතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්සිසුන් පස් දෙනා කුරුවිට රක්ෂිත බන්ධනාගාරයේ රදවා සිට ඊයේ හදුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන ලදී.එහිදී ශිෂ්‍ය උපදේශක තුමා විසින් සිසුන් පස් දෙනාම හදුනාගත් අතර ඔහුගේ සාක්කිකරු ලෙසින් ඉදිරිපත්වූ විශ්වවිද්‍යාලිය ආරක්ෂක අංශයේ සාමාජිකයා සිසුන් දෙදෙනෙකු වැරදි ලෙස හදුනාගන්න ලදී.මෙහි ඇති හාස්‍යජනක හා කණගාටු දායකම සිද්ධිය  වනුයේ තමන් විසින් නම් 5ක් ලබාදී ඔවුන් හදුනා ගැනීමට ඔහුම පැමිණිමය.
      



මේ අතර නඩුව විභාග වන අවස්ථාවේදී විශ්වවිද්‍යාලිය පාලනාධිකාරිය විසින් 2012.01.16 දින  උපකුලපති තුමාගේ අත්සනින් නිකුත් කරන ලද ලිපියකින් එම සිසුන් 5 දෙනාට විශ්වවිද්‍යාල භුමිය තහනම් කර ඇත.ලිපිය පිලිබඳ අවධානය යොමුකළ කළහොත් මෙම ලිපිය සකස් කොට ඇත්තේ හදුනා ගැනීමේ පෙරෙට්ටුව පෙර දිනය.පෙරෙට්ටුවට පෙර සිසුන් හදුනාගෙන සිසුන්ට දඩුවම් නියම කිරීම හාස්‍යයට කරුණකි.තවද මේ වනවිට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පිඨ සාමාසික විභාග පවත්වමින් පවතින අතර,කළමනාකරණ අධ්‍යයන පිඨයේ හා සමාජිවිද්‍යා හා භාෂා පිඨ වල  විභාග ජනවාරි මස 23 වන දින පැවැත්වීමට නියමිතය.ව්‍යවහාරික විද්‍යා පිඨයේ අධ්‍යයන  නිවාඩු   ජනවාරි 30 ලබාදීමට නියමිතය.දැනට පරිපාලනය විසින් ගන්නා ලද තීරණය අනුව මෙකී සිසුන් පස් දෙනාට විභාගයට පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිකරමින් පවතී.

මීළඟ නඩු  වාරය  2012.06.05 වන දිනට යෙදී ඇති අතර, ඉහත ලිපියට අනුව සියලු පරීක්ෂණ අවසන් වනතුරු මෙම සිසුන්ට විශ්වවිද්‍යාල භුමිය තහනම් කිරීම  මගින් ඔවුන්ට දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාලයට ඇතුළු වීම තහනම් කර ඇත.

"අහිංසක සිසුන් පස් දෙනෙකුගේ ජිවිත තම නිලතල ආරක්ෂා කර ගැනීමට පලිහයක් කර නොගෙන, ඔවුන්ගේ ජිවිත වලින් පළි ගැනීම හා තම පෞද්ගලික  වෛර පිරිමසා ගැනීමේ    ක්‍රියාවලිය අවසන් විය යුතුය."    

3 comments:

  1. This is great work ..........
    we realy appreciate ur works....

    ReplyDelete
  2. මේක ගොඩක් වටිනවා.මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා.හැමෝම වෙනුවෙන් මෙහෙම කාලය යෙදෙව්වට ස්තුති.

    ReplyDelete
  3. කැම්පස් එකේ තත්වය ගැන හොදට විමර්ශනය කරලා තියෙනවා.එක ගොඩක් වටිනවා.

    ReplyDelete