ඊයේ (2012.01.20) ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ බණ්ඩාර පිරිමි නේවාසිකාගාරයට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු එම නේවාසිකාගාරයේ සිටි සිසුන්ට තර්ජනය කර ඇත. මෙම පුද්ගලයින් දෙදෙනා පැමිණ ඇත්තේ SG MK 6955 අංකය දරන discovery වර්ගයේ කළු පහැති මෝටර් බයිසිකලකිනි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇති අතර පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. එමෙන්ම භූ විඥාපන පීඨයේ පීඨාධිපතිතුමා, ශාලාධිපතිවරු, උපශාලධිපතිවරු ඇතුළු වගකිවුතු සෑම පාර්ශවයක්ම දැනුවත් කොට ඇත.
Saturday, January 21, 2012
Wednesday, January 18, 2012
සබරගමු සිසුන් පස්දෙනා ඇප මත නිදහස්..
පසුගිය ජනවාරි මස 10 දින ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක වරයාගේ නිවසට කිසියම් පිරිසක් එල්ල කරනලද ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් පස් දෙනා ඊයේ බලන්ගොඩ දිසා අධිකරණයට ඉදිරි පත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කරන ලදී.මීළඟ නඩු වාරය 2012.06.05 වන දිනට කල් දමන ලදී.මෙහිදී සිසුන්ට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කරන ලදී.
Monday, January 16, 2012
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පවත්වන ලද බෝධි පුජාව
අසාධාරණ ලෙස අත්අඩංගුවට ගන්න ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනාට සහනයක් ලබා ගැනීමේ අධිෂ්ඨානයෙන් කරගස්තලාව විහාරස්ථානයේදී 2012.01.12 දින බෝධි පුජාවක් පවත්වන ලදී. මෙම බෝධි පුජාවට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරමින් සිසුන් සහභාගී විය.
Sunday, January 15, 2012
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල ජනවාරි 10 දින සිදුවූ සිදුවීමේ සත්‍ය තත්වය..
විශ්වවිද්‍යාලය තුළ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයකට ලක් කරමින් 2012.01.10 දින රාත‍්‍රියේ රාතී‍්‍ර 10.15 ට පමණ විශ්වවිද්‍යාලය තුලදී සිසුන් 4 දෙනෙකුට නන්නාදුනන මැර කණ්ඩායමක් විසින් පහරදීමක් සිදුකර ඇත.
මෙම පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනාගෙන් තිදෙනෙකු එම අවස්ථාවේදීම ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් පඹහින්න මුලික රෝහලට ඇතුලත් කර ඇත.
මෙම පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනාගෙන් තිදෙනෙකු එම අවස්ථාවේදීම ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් පඹහින්න මුලික රෝහලට ඇතුලත් කර ඇත.
Friday, January 13, 2012
සබරගමු සිසුන්ට එල්ලවූ මැර ප්‍රහාරය...
දිනය 2012.01.10
වේලාව 10.20 pm
ස්ථානය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය..
සබරගමු සිසුන්ට එල්ලවූ මැර ප්‍රහාරය...
ජනවාරි මස 10 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වූ මැරයන් තිදෙනෙක් සබරගමු විශ්වවිද්‍යාලිය සිසුන් සතරදෙනෙකුට පහරදී පලා ගොස් ඇත.මෙම අවස්ථාවේදී "රක්නා ලංකා" ආරක්ෂකන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිට ඇත.විශ්වවිද්‍යාල තුලට ඇතුළු වූ අනවසර පුද්ගලයන් හා සිදු වූ සිද්ධිය සම්බධයෙන් නිහඩව සිටීම ආරක්ෂක අංශයේ වගකීම පැහැර හැරීමකි.සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් පඹහින්න රජයේ රෝහලට ඇතුලත් කර ඇති අතර,එහිදී සමනල වැව පොලිසිය විසින් කට උත්තර ලබා ගත් අතර මෙම ලිපිය ලියවෙන (14.01) අද දින වන විට කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර,මේ වනතුරු කිසිදු පරීක්ෂණයක් සිදුවන සේයාවක් නොමැත.
Monday, November 14, 2011
Subscribe to:
Posts (Atom)