2011-03-24 වන දින අත්නෝමතික ලෙස තහනම් කරන ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ පහට අදාල ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපනය කිරීම පසු ගිය දා සිදු විය.මේ අනුව සියලුම පීඨ සදහා අදාල ශිෂ්‍ය නියෝජිතයින් තේරී පත් වීමට නියමිතය.වසකුත් මස හතරක අධික කාලයක් සිසුන් විවිධ අයුරින් යටපත් කරමින් වසා දමා තිබුණු ශිෂ්‍ය සංගම් කාර්යාල නැවත සිසුන්ට ලබා දීම සිදු විය.
Tuesday, July 17, 2012
සබරගමුවේ ශිෂ්‍ය සංගම් නැවත සිසුන් අතට..
2011-03-24 වන දින අත්නෝමතික ලෙස තහනම් කරන ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ පහට අදාල ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපනය කිරීම පසු ගිය දා සිදු විය.මේ අනුව සියලුම පීඨ සදහා අදාල ශිෂ්‍ය නියෝජිතයින් තේරී පත් වීමට නියමිතය.වසකුත් මස හතරක අධික කාලයක් සිසුන් විවිධ අයුරින් යටපත් කරමින් වසා දමා තිබුණු ශිෂ්‍ය සංගම් කාර්යාල නැවත සිසුන්ට ලබා දීම සිදු විය.
Wednesday, July 4, 2012
සමනල වැව යෝධ නිදිකුම්බා උවදුරෙන් ගලවා ගනිමු..
සමනල වැව යනු සබරගමුව සබරගමුව පළාතේ විශාලම ජලාශය වේ.එමෙන්ම දේශීය, විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගත් ස්ථානයකි.හිරිකටු ඔය,බෙලිහුල් ඔය,වලවේ ගඟ සහ තවත් ජලපෝෂක වලින් පෝෂණය වන සමනල වැව මේ වන විට යෝධ නිදිකුම්බා ශාකයේ තර්ජනයට ගොදුරුව ඇත.මේ ලිපිය පාදක වන්නේ දැනට සමනල වැව් තාවුල්ල,වැව රක්ෂිතය වසා පැතිර යමින් පවතින අලකේශ්වර යෝධ නිදිකුම්බා උවදුර පිළිබඳවයි.
සමනල වැව
යෝධ නිදිකුම්බා ශාකය දැනට ලංකාව තුල ආක්‍රමණික ශාකයක් ලෙස පරිසර වේදීන් හදුනාගෙන ඇත.උඩවලව, කන්ද උඩරට ප්‍රදේශවල දැනට මෙම පැලෑටිය ශීඝ්‍රයෙන්පැතිර යයි.යෝධ නිදිකුම්බා ශාකය
ඉතා තියුණු කටු සහිත,වසර දෙකක් පමණ වයසැති ශාකයක් වර්ග අඩි 30 ක පමණ වපසරියක විසිරි පවතී. වියලි බීජ සුළඟ හා ජලය මගින් පැතිරී යාම නිසා ගහනය දිනෙන් දින ඉතා පුළුල් වේ.ශාකය විනාශ කිරීමට ගත හැකි එකම පියවර වන්නේ ශාකය කපා ගිනිතබා විනාශ කිරීම පමණි.
යෝධ නිදිකුම්බා බීජ
සමනල වැව් තාවුල්ලේ යෝධ නිදිකුම්බා ගහනය
අප විසින් 2012-07-04 දින සමනල වැව් තාවුල්ලේ සහ රක්ෂිතය අවට කරන ලද සංචාරය අනුව අපට පැහැදිලි වුයේ අක්කර 5 ක පමණ භුමි භාගයක් මෙම උවදුරට ගොදුරු වී ඇති බවයි.
මෙම උවදුරෙන් සමනල වැවට හා එහි අවට ගම්වැසියන්ට ඇති අවදානම.
- ගහනය ජල පෝෂක කලාපය දක්වා පතිරුනහොත් ජල උල්පත් සිඳී යාමේ අවධානම.
- බීජ ජලය හා සුළඟ මගින් සමනල වැව අවට කුඹුරු සහ අනෙකුත් වගා භුමි වෙත පැතිරීමේ අවදානම්.එමෙන්ම එහිදී සිදු විය හැකි හානිය පුර්වොකල්පනය කල නොහැකි තරම්ය.
- රමණිය සමනල වැව් තාවුල්ලේ සුන්දරත්වය විනාශ වීම.
- විධිමත් විනාශ කිරීමකින් තොරව විනාශ කල නොහැකි නිසා ඉතාම සුළු ඉඩකඩක වුවද ඝනව,සරුසාර ලෙස වැඩි ගහනය වැඩි කිරීමේ හැකියාව
අපගේ අදහස නම් මෙම උවදුරෙන් සමනල වැව හා එහි ජල පෝෂක භුමිය බේරාගැනීමේ අයිතිය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව වන අපහටද ඇති බවයි..
Thursday, June 28, 2012
සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුව ජය ගනී..
අත්තනෝමතික ලෙස පන්ති තහනම් කළ ශිෂ්‍යයන් 58 දෙනා වෙනුවෙන් පෙනී සිටීම නිසා ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළුව පීඨ ශිෂ්‍ය සංගම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තහනම් කර අදට දින 455 ක් වන අතර එසේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කරන ලෙස බල කරමින් ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින (28 ) සාමකාමී පා ගමනක නිරත වූ අතර ලේඛකාධිකාරී කාර්යාලය අසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයකද නිරත වූහ.එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කරන බවටත් එ සඳහා අදාල නිවේදනය ලබන සඳුදා දින නිකුත් කරන බවටත් විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන් ඉදිරියේදී පොරොන්දු වන ලදි.
මෙය ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන්ගේ මෙන්ම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේද සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.
Tuesday, June 19, 2012
සදා සමරමු විරු සිසුවෝ..
ඔවුන් නිදහස් අධ්‍යාපනය අද වන තුරු රැක ගැනීමට තම ලේ, කඳුළු,දහඩිය කැප කලෝය.
Tuesday, June 12, 2012
අන්තරය තහනම් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බව සමස්ථ ලංකා සිසු හැරවුම් ව්‍යාපාරය සඳහන් කරයි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ අයිතිවාසිකම් හා සරසවි ආචාර ධර්ම කෙලෙසමින්ද සරසවියට ඇතුළු වන නවක සිසු සිසුවියන් වෙතින් තම කාමුක ආශාවන් සහ අනෙකුත් අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම සඳහා නවක වද භිතිකාව පතුරුවමින්ද මේ වන විට මෙරට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය අගාධවට ඇදගෙන යාමට කටයුතු කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වහාම තහනම් සංවිධානයක් කිරීමට අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සියලූ කටයුතු සූදානම් කොට ඇතැයිද ඔවුන් පවසයි.
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ නීතිමය රාමුවට සම්පූර්ණයෙන්ම පැටහැනිව පටු දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවන ලද සංවිධානයක් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සරසවි සිසුන් උසි ගන්වමින් ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ න්‍යායපත‍්‍රයට අනුය කටයුතු කරන බවද පවසන එම ව්‍යාපාරය අන්තරය තහනම් කිරීම උදෙසා දියත් කිරීමට සූදානම් වන අධිකරණ ක‍්‍රියාවලිය සඳහා මහා සංඝ රත්නයේ ආශිර්වාදයද, රජයේ සහ මහජනතාවගේ සහයෝගයද බලාපොරොත්තු වන බව කියා සිටී.
පසු වදන..
ඔබත්,මමත් නිදහස් අධ්‍යාපනයේ දරුවෝ වෙමු.සිසු හැරවුම යයි කියාගනිමින් ආණ්ඩුවට පැහැදිලිවම කඩේ යන මේ පුද්ගලයි අඩුම තරමේ මහපොළ ශිෂ්‍යත්වය වර්තමානයේ ශිෂ්‍යයෙකුගේ මාසික වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවෙතැයි නොදන්නා අමනයෝය..
Saturday, May 5, 2012
සමනල වැව පිස හමා ගිය වෙසක් මඳ නළ..
වෙසක්
උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ
ජාතීන් මෙම උත්සවය සමරන දිනයයයි. වෙසක් දිනය බුදුන්ගේ ඉපදීම, බුද්ධත්වයට
පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.වෙසක් උත්සවය නිමිති කරගෙන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ
විඥාපන පීඨ ශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කරන ලද ඔසු පැන් හා මල් දන්සල
මැයි මස 5 වන දින කරගස්තලව මංසන්දියේදී පැවැත්විණි.පිඨයේ සියලුම සිසුන්ගේ
හා ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවතී, මෙම පුණ්‍ය කර්මය සදහා කරගස්ත්ලව
විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු එම ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව දැක්වූ
සයෝගය අගය කල යුතුය.
විශේෂ අවස්ථාවන් කිහිපයක් කැමරා කාචයේ සටහන් වූ අයුරු.
ඔබ සැමට සිත්පහන් දැල්වෙන වෙසක් මංගල්‍යක් වේවා !!!!!
-------------------------------------------------------------------------------------------------------
Subscribe to:
Posts (Atom)