Thursday, July 26, 2012

දින 388 කට පසු සබරගමුවේ මහා ශිෂ්‍ය සංගමය නැවත පිහිටුවයි

                1991.11.05 දින අනුබද්ධිත විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ වු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය කෙටිකාලයක් තුල ඉතා දියුණු තත්වයකට පත්වෙමින් පවතින අතර මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය අතර ඉහලින්ම වැජඛෙන ළාබාල විශ්වවිද්‍යාල අතර පෙරමුණේ පවතී. අවම භෞතික හා මානව සම්පත් ප්‍රමාණයකින් ආරම්භ වී අද වන විට අති විශාල දියුණුවකට පත්වීම දක්වා විශ්වවිද්‍යාලයක් වශයෙන් අප ආ ගමනේ විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල පරිපාලනය, අධ්‍යයන හා අනධ්‍යයන යන සිවු පාර්ශවයන්ගේ කැපකිරීම අප හට අමතක කළ නොහැකි කරුණකි. ඒ අතුරින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප සබරගමු විශ්වවිද්‍යාලයේ නාමය ඉහලින් රැදවීමට කළ අනේකවිධ කැපකිරීම් පිළිබඳව විශ්වවිද්‍යාලීය සියළු පාර්ශවයන්ට සිහි ගැන්විය යුතු නැතැයි අප සිතන්නෙමු. එමෙන්ම මෙම සියළු ක්‍රියාකාරකම් හි මඟ පෙන්වීම හා නිවැරදි නායකත්වය ලබාදීම සිදුකරනු ලැබුවේ ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටි පීඨ ශිෂ්‍ය සංගම් පහ ඇතුළු මහා ශිෂ්‍ය සංගමයයි. මෙම සියළු ආයතන ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව සංස්කෘතික, සමාජයීය, අධ්‍යාපනික වශයෙන් හා විශ්වවිද්‍යාලීය උන්නතිය වෙනුවෙන් කැපවු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල පැවති එකම ව්‍යවස්ථාපිත ආයතනයද විය.

          නමුත්, විශ්වවිද්‍යාල සිසුන්ගේ අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් පෙනීසිටීම හේතු කොටගෙන 2011.03.24 දින උපකුලපතිතුමා විසින් නිකුත් කරනු ලැබු නිවේදනයක් මගින් සියළු ශිෂ්‍ය සංගම් තාවකාලිකව තහනම් කෙරිණි. එතැන් සිට පොදු ශිෂ්‍යයන් වශයෙන් අප හට අහිමි කළ ශිෂ්‍ය අයිතිවාසිකම නැවත ලබා දීමට කටයුතු කරන ලෙස උපකුලපතිතුමා ඇතුළු විශ්වවිද්‍යාලීය පරිපාලනයට ඉල්ලීම් රාශියක් කලද (පීඨමණ්ඩල සැසිවාර වලදි, පීඨාධිපතිවරුන්ට යවන ලද ලිපි මගින් හා විවිධ අවස්ථා වලදී  උපකුලපතිතුමා සමග කරන ලද සාකච්චා මගින් ) ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් නොලැබීම නිසා 2012.06.28 වන දින විශ්වවිද්‍යාලයේ සියිළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාල භූමිය තුළ උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පැවැත්වුනි. එහි ප්‍රථීඵලයක් ලෙස 2012.07.06 වන දින විශ්වවිද්‍යාලයේ ලේඛකාධීකාරිතුමාගේ අත්සනින් යුතුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නාම යෝජනා භාර ගැනීම සඳහා වන නිවේදනය නිකුත් කෙරුනු අතර 2012.07.16 දින සමාජයීය විද්‍යා හා භාෂා පීඨ ශිෂ්‍ය සංගමයද, 2012.07.17 දින භූ විඥාපන පීඨ ශිෂ්‍ය සංගමය හා කෘෂි විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයද, 2012.07.18 වන දින ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයද, 2012.07.19 වන දින කළමණාකරන අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයද නිතරඟයෙන් පත් වී දිව්රුම් දුන් අතර 2012.07.25 වන දින සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද නිතරඟයෙන් පත් වී දිව්රුම් දෙන ලදී.

        මෙය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගම් ඉතිහාසයේ රන් අකුරින් ලියවන අවස්ථාවක් වන අතර නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා පෙල ගැසෙන්නා වූ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ නවමු වූත් ජව සම්පන්නවුත් ආරම්භයක් වනු බව නොඅනුමානය.

















4 comments:

  1. සබරගමු අනාගත පරපුර ලෙස ඔබ ඔබෙ උපරිම කපකිරිම් මතින් සබරගමු මාතාව රකගනිවි යන්න අපෙ මතය. ඒ විස්වසය නොබිඩෙමට වග බලා ගන්න.

    ReplyDelete
  2. සබරගමු මාතාවට ජය වෙව!

    ReplyDelete