Thursday, April 26, 2012

හමු වීම හා සමු ගැනීමේ වෙනස..

--------------------------------------------------------------------------------------------


                                                           2012.04.27 වන දින ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 14 වන උපාධි ප්‍රදානෝත්සවය පැවැත් වීමට නියමිතය.2006/2007 හා 2007/2008 කණ්ඩායම් වල සහෝදර සහෝදරියන් මෙදින උපාධි ලබා ගැනීමට නියමිතය .ආදරණිය සහෝදරයා ,සහෝදරිය ඔබ සියලු දෙනා යනු සබරගමු විශ්වවිද්‍යාලිය ඉතිහාස පොතෙන් කිසිදා මකාලිය නොහැකි චරිත වන්නේය.එය අවිවාධාත්මකය. ව්‍යවහාරික විද්‍යා පිඨය සබරගමුව විශ්වවිද්‍යාලිය මවු භූමියට ගෙන  ඒම,කෘෂි විද්‍යා පිඨයේ ගොඩනැගිලි හා ගොවිපොළ සංවර්ධය කර ගැනීම,සමාජීය  විද්‍යා හා භාෂා පිඨයේ පීඨ සංකීර්ණය වැඩ නිමවා සිසු අයිතියට පත් කරවා ගැනීම,කළමණාකරන අධ්‍යයන පිඨයේ ශ්‍රවණාගාරය ලබා ගැනීම,දැනට ඉදිවෙමින් පවත්නා භූ  විඥාපන පීඨ සංකීර්ණය අනුමත කර වැඩ ආරම්භ කරවා ගැනීම,ක්‍රීඩාපිටිය සාදවා ගැනීම මේ අතරින් සමහරකි.මේ ඉතිහාසය වලදමන අදම මිනිසුන් සිටින සමයකි..ඔබ අපට ලබාදුන්නේ ආදර්ශයක් නොව පරමාදර්ශයකි..









දයාබර සොයුර සොයුරිය,ඉදිරිය එළබෙන නව යුගය

 ජයගැනුමට ඉත සිතින් සුබ පැතුම් ගෙනෙමු අප...!




----------------------------------------------------------------------

4 comments:

  1. social එක වෙනම උපාධි ප්‍රධානෝත්සවයක් තියනව කියල ආරන්චි උනා. ඒක ඇත්තක් ද?.

    ReplyDelete
    Replies
    1. නෑ.මේ සැරේ Convocation තියෙන්නේ කැම්පස් ඒක ඇතුලේ (social auditorium).ඒක ඉඩ මදි නිසා වෙන වෙනම තමයි ගන්නවා කියන්නේ..

      Delete
  2. ව්‍යවහාරික විද්‍යා පිඨය බෙලිහුල්ඔය ගේනකොට 2006/2007 1st year මගෙ හිතේ. උන්ගෙන් බොහොම ටික දෙනයි එදා අරගලයත් එක්ක හිටියෙ. ගොඩදෙනෙක් අරගලය ගැන විශවාස කලේ නෑ විතරක් නෙමෙයි, සෑහෙන කාලයක් මහා ශිෂ්ය සංගමය විවේචනය කලා. නමුත් අදවෙනකොට එම අරගලයේ ඵලදාව ලැබෙමින් පවතිනවා කියලයි මගේ අදහස.
    සැබෑ ඉතිහාසයේ අරුත පැහැදිලිව දකින්න පුලුවන් මේ වගේ වෙලාවල් වලදි...

    මේක මම මෙතන කිවුවෙ ඒ සහෝදර වරුන්ට රිදවන්න හිතගෙන නෙමෙයි. ඇත්ත අරගලයක් වෙනුවෙන් ඉදිරිපත් වෙන එක කොයිතරම් වැදගත්ද කියන එක පැහදිලි කරන්න.

    ReplyDelete
  3. එක ඇත්ත,අද තියෙන්නේ වෙනනමම තත්ත්වයක්.නමුත් කිසිම අත්දැකීමක් නැති පරම්පරා දෙකක් කැම්පස් එක ඇතුලේ ඉන්නවා.මේ හැම මතයක්ම එක මතයකට ගෙන එක තමයි ලොකුම අභියෝගය. අපි අද භුක්ති විදින්නෙත් අයියලා එදා දැකපු හීන..

    ReplyDelete