Friday, February 24, 2012

නිමේෂයක වැදගත් කම...

 
"සාර්ථක මිනිසෙකුට ගත වන සෑම තත්පරයක්ම වැදගත්ය".


සබරගමුවේ අපේ හඬ නිහඬ වී මේ වන විට වසරක අසන්න කාලයක් සම්පුර්ණ වෙමින් පවතී.අප කල්පනා කල යුත්තේ මේ නිහඩ වීම අපට කෙලෙස බලපෑම් කලේද යන්නයි.මෙම නිහඩ කර වීම මගින් සිදු අයහපත් සිදු වීම් එමටය.අපට  පැන නගින පැනය වනුයේ මෙම නිහඩ කර වීම මගින් ඔවුන් බලාපොරොත්තු වන සාධනීය ප්‍රතිපලය කුමක්ද යන්නයි.??මේ පිළිබඳව පිළිතුරක් දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත.

ඔබත් මමත් දන්නා පරිදි අද වන විට  සමාසික  ප්‍රතිපල නිකුත් කිරීමට මස 8 පමණ කාලයක්  ගත විය.විෂය නිර්දේශය මගින් නියමිතව ඇති ක්ෂේත්‍ර චාරිකා කිසිදු වග විභාගයකින් තොරව අතහැර දමා ඇත.පසුගිය සමාසික දෙක තුල සියලුම පීඨ වල බොහෝ වසර වලට මේ ඉරණම අත්ව ඇත.මේවා වූ කලි සාධාරණ සිසු ගැටළු නොවන්නේද??ක්ෂේත්‍ර චාරිකා  පවතින්නේ පත පොතින් උගෙන නොහැකි කරුණු ක්ෂේත්‍ර ගොස් අධ්‍යයනය කොට ඒ පිළිබඳව හැදෑරීමටය.ක්ෂේත්‍ර චාරිකා  පිළිබඳව සිසුන් විමසු විට පීඨ පරිපාලනයන් චුයින්ගම් න්‍යාය භාවිත කරමින් සමාසිකය අවසානයක් දක්වා ඇදගෙන ගොස් අවසානයේදී එය ඉටු නොවන තත්වයට පත් කරයි.සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුලත් වන්නේ යම්කිසි විෂය නිර්දේශයක් ක්‍රමානු කූලව හැදෑරීම සඳහාය.උපාධිධාරියෙකු යනු රටේ සංවර්ධනයේ පෙර ගමන් කරුවෙකුය.එහෙයින් උපාධිධාරින් පිලිබඳ දක්වන සැලකිල්ල රටේ අවසන්ව නොවන්නේද??
ගතවන මේ නිමේෂය බොහෝ සෙයින් වැදගත්ය.ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට කෙටිකාලින ඉතිහාසයක් තිබුවද, එය ඉතා අභිමානවත්ය,මේ අභිමානවත් ඉතිහාසය පිලිබඳ  දන්නා පරපුරක් තවමත් විශ්විද්‍යාලය තුල ඉතිරිව  ඇත.එහෙයින්  එම  පරපුර වන ඔබට සහ අපට ඉටුකිරීමට විශාල කාර්යභාරයක් ඇත.

මේ පිළිබඳව ශක්තිමත් කතිකාවතක් හා සංවිධානාත්මක පව්රක් ඉතා ඉක්මනින් ඉල්ලා සිටි..

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස් හා යෝජනා අප අපේක්ෂා කරමු..

2 comments:

  1. වි.වි. වල ඉහල පරිපාලනය හැමදාම ශි.සංගම් වලට කෙලවන්න දාපු පොත තමයි, ශි. සංගම් පරිපාලනය කඩාකප්පල් කරනව කියන එක. ඒක කාලයක් කියල කියල හැමතැනම තහවුරු කරන්න පුලුවන් උනා. මොකද, සමාජෙට පේන්නෙ ශි. සංගම් වල උද්ඝොශන විතරයි. අනික ලහිරු මල්ලි කියල තිබුන විදිහට ගොබෙල්ස් න්‍යාය...
    http://yeslahiru.blogspot.com/2012/02/blog-post_24.html
    ඇත්තටම බලුවොත් සබරගමුවෙ ශි. ස්ංගමෙන් පරිපාලනයට කෙරුනෙ ලොකු උදව්වක්. වතුර නැති එකේ ඉඳල, කැබිනට් අනුමැතිය ප්‍රමාද වෙන එකටත්., ලෙක්ච හෝල් එකෙ බල්බ් එකක් පිච්චුන එකේ ඉඳල සොෆ්ට් වෙයා එකක් වැඩ කරන්නෙ නැති එකත්., ටියුට් ටික එකතු කරල ගෙනිහින් දෙන එකෙ ඉඳල, 'ප්‍රක්ටිකල්, ෆීල්ඩ් ට්‍රිප්, විසිටින්,..' වගෙ දෙවල් ඇරේන්ජ් කරගන්ඩත්., ශි. සංගමය 50%ක් දායක උනා. අනික, කලා සහ ක්‍රීඩා කටයුතු ඔක්කොම වගේ කෙරුනෙ ශි. සංගමයෙන්.
    ඔය ඔක්කොම පරිපාලනයට කරන්න පුලුවන් කියල හිතනව නම් එක ලොකු වැරදීමක්. ඒක කරන්න ගිහින් දැන් කෙලවගෙන ඉන්නෙ කියල දැන් ගොඩ දෙනෙක්ට තේරෙනව ඇති. නොතෙරුන පරිපාලන සහ ශිෂ්ය හරක් ටික දැන්ම තෙරුම් ගත්තොත් ඕක ගොඩ දැම්මහැකි. නැත්නම්....

    ReplyDelete
  2. me nihada thawaya adata wada hetata godak danewi.dan hari me ninden awadi wela.wada karanna patan gattot hoday

    ReplyDelete