Thursday, September 13, 2012
Thursday, August 30, 2012
Friday, August 3, 2012
අන්තර් විශ්වවිද්‍යාලයීය මලල ක්‍රිඩා උළෙලේ සමස්ත ශුරතාවය සබරගමුවට
2012 . 07 . 28 සහ 29 යන දෙදින තුල පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය මලල ක්‍රීඩා උළෙලේ, සබරගමුව විශ්වවිද්‍යාලයට සමස්ත ශුරතාවය දිනා දුන් මලල ක්‍රීඩා කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම්.
Thursday, August 2, 2012
Z ලකුණු අර්බුධය හා ශ්‍රී ලංකාව..
ශ්‍රී ලංකාව යනු තුන් වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකි.රටක් සංවර්ධනය කරා යන ගමනේදී පළමු තැන අධ්‍යාපනයට හිමි විය යුතුය.එය අවිවාධිත විශ්ව සත්‍යයකි.නව නිපැයුම්,නව සංකල්ප බිහිවනු ලබන්නේ මිනිසුන් අධ්‍යාපනය තුලින් ලබා ගන්න වූ සාර්ථකත්වය මගින් වන බැවින් අධ්‍යාපනය කෙරෙහි දක්වන අවධානය ඉතා ඉහල අගයක පැවතිය යුතුය.රටේ මේ වන විට අධ්‍යාපනය විශාල අර්බුධ රාශියක ගිලෙමින් පවතී.ඒවා අතර වර්තමානයේ උසස් පෙළ Z ලකුණු අර්බුධය,සරසවි ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය වන්නේය.මේ අතර ගුරු සංගම්ද විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග තෝරමින් පවතී.
Thursday, July 26, 2012
දින 388 කට පසු සබරගමුවේ මහා ශිෂ්‍ය සංගමය නැවත පිහිටුවයි
1991.11.05 දින අනුබද්ධිත විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ වු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය කෙටිකාලයක් තුල ඉතා දියුණු තත්වයකට පත්වෙමින් පවතින අතර මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය අතර ඉහලින්ම වැජඛෙන ළාබාල විශ්වවිද්‍යාල අතර පෙරමුණේ පවතී. අවම භෞතික හා මානව සම්පත් ප්‍රමාණයකින් ආරම්භ වී අද වන විට අති විශාල දියුණුවකට පත්වීම දක්වා විශ්වවිද්‍යාලයක් වශයෙන් අප ආ ගමනේ විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල පරිපාලනය, අධ්‍යයන හා අනධ්‍යයන යන සිවු පාර්ශවයන්ගේ කැපකිරීම අප හට අමතක කළ නොහැකි කරුණකි. ඒ අතුරින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප සබරගමු විශ්වවිද්‍යාලයේ නාමය ඉහලින් රැදවීමට කළ අනේකවිධ කැපකිරීම් පිළිබඳව විශ්වවිද්‍යාලීය සියළු පාර්ශවයන්ට සිහි ගැන්විය යුතු නැතැයි අප සිතන්නෙමු. එමෙන්ම මෙම සියළු ක්‍රියාකාරකම් හි මඟ පෙන්වීම හා නිවැරදි නායකත්වය ලබාදීම සිදුකරනු ලැබුවේ ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටි පීඨ ශිෂ්‍ය සංගම් පහ ඇතුළු මහා ශිෂ්‍ය සංගමයයි. මෙම සියළු ආයතන ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව සංස්කෘතික, සමාජයීය, අධ්‍යාපනික වශයෙන් හා විශ්වවිද්‍යාලීය උන්නතිය වෙනුවෙන් කැපවු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල පැවති එකම ව්‍යවස්ථාපිත ආයතනයද විය.
Tuesday, July 24, 2012
සබරගමුවේ අපි පරිසරය දෙස හෙලු බැල්ම..
සමනල වැව් තාවුල්ල යෝධ නිදිකුම්බා උවදුරෙන් මුදා ගැනීම සදහා දියත් වන ශ්‍රම දානය ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ වල සහෝදරත්වයේ සහභාගිත්වයෙන් 2012 ජුලි මස 24 වන අඟහරුවාදා උදැසන 7 ට ආරම්භ වුන අතර. එම අවස්තාව කැමරා ඇසෙහි සටහන් වු අයුරු පහතින් දැක් වේ
Related News.. http://sabravoice.blogspot.com/2012/07/2012-24-7_24.html
Thursday, July 19, 2012
සමනල වැව් තාවුල්ල යෝධ නිදිකුම්බා උවදුරෙන් මුදා ගැනීම සදහා දියත් වන ශ්‍රම දානය
සමනල වැව් තාවුල්ල යෝධ නිදිකුම්බා උවදුරෙන්
මුදා ගැනීම සදහා දියත් වන ශ්‍රම දානය ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ
සියලුම පීඨ වල සහෝදරත්වයේ සහභාගිත්වයෙන් 2012 ජුලි මස 24 වන අඟහරුවාදා
උදැසන 7 ට ආරම්භ වේ.මේ සඳහා සබරගමු සහෝදරත්වයේ සහභාගිත්වය අපේක්ෂා කරමු..
Subscribe to:
Posts (Atom)