Wednesday, April 4, 2012

භූ විඥාපන පීඨයේ පළමු උපාධිධාරීන් කණ්ඩායම පිටව ගොස් අප්‍රේල් 10 දිනට වසර දහයයි..

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකක් වන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ සුන්දර බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටා ඇත. දකුණු ආසියාවේ එකම භූ විඥාපන පීඨය වන්නේ  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයයි(Faculty Of Geomatics). මැනුම් විද්‍යා ක්ෂේතයට අදාල විද්‍යාර්ථයෙක්  වීම සඳහා ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය තුල පවතින එකම උපාධි පාඨමාලාව මෙය වේ. 
1997 වර්ෂයේදී ශ්‍රීලංකා  සබරගමුව විශ්වවිද්‍යාලය තුල මැනුම් විද්‍යා අධ්‍යනංශයක් වශයෙන් ආරම්භ වූ අතර 2004 අගෝස්තු 23 වන දින භූ විඥාපන පීඨය බවට පත්විය. අද වන විට භූ විඥාපන පීඨයෙන් උපාධිධාරීන් කණ්ඩායම් 10ක් පිටවී ගොස් ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ හා විදේශ රටවල සේවය කරමින් සිටී. ඉතාමත් ප්‍රථමික පහසුකම් යටතේ ආරම්භ වූ  භූ විඥාපන පීඨය අද වන විට නවීන මැනුම් උපකරණ වලින් හා  නවීන පහසුකම් වලින් සමන්විත වේ. පීඨයක් ලෙස භූ විඥාපන පීඨය වසර 15ක් ආ ගමන් මග දෙස බැලීමේදී පීයෙන් පිටව ගිය හා දැනට අධ්‍යන කටයුතු වල නිරත වන ශිෂ්‍ය කණ්ඩායම් වලින් කල මෙහෙවර සුවිශාලය. සබරගමුව විශ්වවිද්‍යාලයෙන් පිටවූ ප්‍රථම මැනුම් විද්‍යා උපාධිධාරී කණ්ඩායම ලෙස ඔවුන් මුල් අවධියේදී මිනින්දෝරු ක්ෂේත්‍රයේ විවිධ අභියෝග වලට මුහුණදීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ මිනින්දෝරුවන් සඳහා වන එකම රාජ්‍ය ආයතනය වන මිනිදෝරු දෙපාර්තමේන්තුව ඔවුන් බඳවා ගනු ලැබුවේ වසර කිහිපයකට පසුව වීම කදිම උදාහරණයකි. 
                             





පළමු කණ්ඩායමේ ජායාරුප  කිහිපයක්..


අද වනවිට මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුල හා පෞද්ගලික අංශය තුල සබරගමු මිනිදෝරු උපාධිධාරීන් සඳහා විශාල ඉල්ලුමක් පවතී. එදා අවම පහසුකම් යටතේ ආරම්භ වූ පීඨයේ අද වන විට  පීඨසංකීර්ණයේ කටයුතු නිම වෙමින් පවතී.




ඉදිවෙමින් පවතින  භූ විඥාපන පීඨ සංකීර්ණය..

3 comments:

  1. එදා අවම පහසුකම් වලින් ගමන් අරම්භ කරපු අපි අද වෙනකොට දිවුනුවෙන් දිවුනුවට පත්වෙලා තියෙන්නේ එදා
    …මෙදා තුර කල සියලු දෙනාගේ ම කෑපකිරිම් මතින්.එය අරම්භ කල අභිමානවත් මුල් පුරුක ඔබයි.FACULTY යක් වෙලා අවුරුදු 8 වගේම,අපේ FACULTY යට අවුරුදු 15 ක් සපිරෙනවා නේද?

    ReplyDelete