Friday, February 24, 2012

නිමේෂයක වැදගත් කම...

 
"සාර්ථක මිනිසෙකුට ගත වන සෑම තත්පරයක්ම වැදගත්ය".


සබරගමුවේ අපේ හඬ නිහඬ වී මේ වන විට වසරක අසන්න කාලයක් සම්පුර්ණ වෙමින් පවතී.අප කල්පනා කල යුත්තේ මේ නිහඩ වීම අපට කෙලෙස බලපෑම් කලේද යන්නයි.මෙම නිහඩ කර වීම මගින් සිදු අයහපත් සිදු වීම් එමටය.අපට  පැන නගින පැනය වනුයේ මෙම නිහඩ කර වීම මගින් ඔවුන් බලාපොරොත්තු වන සාධනීය ප්‍රතිපලය කුමක්ද යන්නයි.??මේ පිළිබඳව පිළිතුරක් දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත.

ඔබත් මමත් දන්නා පරිදි අද වන විට  සමාසික  ප්‍රතිපල නිකුත් කිරීමට මස 8 පමණ කාලයක්  ගත විය.විෂය නිර්දේශය මගින් නියමිතව ඇති ක්ෂේත්‍ර චාරිකා කිසිදු වග විභාගයකින් තොරව අතහැර දමා ඇත.පසුගිය සමාසික දෙක තුල සියලුම පීඨ වල බොහෝ වසර වලට මේ ඉරණම අත්ව ඇත.මේවා වූ කලි සාධාරණ සිසු ගැටළු නොවන්නේද??ක්ෂේත්‍ර චාරිකා  පවතින්නේ පත පොතින් උගෙන නොහැකි කරුණු ක්ෂේත්‍ර ගොස් අධ්‍යයනය කොට ඒ පිළිබඳව හැදෑරීමටය.ක්ෂේත්‍ර චාරිකා  පිළිබඳව සිසුන් විමසු විට පීඨ පරිපාලනයන් චුයින්ගම් න්‍යාය භාවිත කරමින් සමාසිකය අවසානයක් දක්වා ඇදගෙන ගොස් අවසානයේදී එය ඉටු නොවන තත්වයට පත් කරයි.සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුලත් වන්නේ යම්කිසි විෂය නිර්දේශයක් ක්‍රමානු කූලව හැදෑරීම සඳහාය.උපාධිධාරියෙකු යනු රටේ සංවර්ධනයේ පෙර ගමන් කරුවෙකුය.එහෙයින් උපාධිධාරින් පිලිබඳ දක්වන සැලකිල්ල රටේ අවසන්ව නොවන්නේද??
ගතවන මේ නිමේෂය බොහෝ සෙයින් වැදගත්ය.ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට කෙටිකාලින ඉතිහාසයක් තිබුවද, එය ඉතා අභිමානවත්ය,මේ අභිමානවත් ඉතිහාසය පිලිබඳ  දන්නා පරපුරක් තවමත් විශ්විද්‍යාලය තුල ඉතිරිව  ඇත.එහෙයින්  එම  පරපුර වන ඔබට සහ අපට ඉටුකිරීමට විශාල කාර්යභාරයක් ඇත.

මේ පිළිබඳව ශක්තිමත් කතිකාවතක් හා සංවිධානාත්මක පව්රක් ඉතා ඉක්මනින් ඉල්ලා සිටි..

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස් හා යෝජනා අප අපේක්ෂා කරමු..

Wednesday, February 22, 2012

දයාබර එරේෂ් තනුක සොයුර,

එරේෂ් තනුක සහෝදරයා අපි අතරින් නික්මිලා අදට අවුරුද්දක් සපිරෙනවා.නේවාසිකාගාරයේ සිදු වූ හදිසි අනතුරකින්.එය සිදු වුයේ කාගේ වරදකින්ද යන්න අදටත් අප අතර මතයක් පවතී.සිසුන්ට අනාරක්ෂිත ස්ථානයක නේවාසිකාගාරයක් ස්ථාපනය කිරීම මේ සිදු වීමට හේතුවිය. ඔබ හොඳ  සහෝදරයෙක්  දක්ෂ ක්‍රීඩකයෙක්.අද ඔබ නැති අඩුව විශ්වවිද්‍යාලය තුල අපට හොදින් දැනෙනවා.ඔබ අප අතරින් නික්මුනේ හදිසියේ.ඔබ අහිමි වුයේ අපටය.වේදනාව දැනෙන්නේ අපටය.අද ඔබගේ අම්මාට,තාත්තාට ඔබ අහිමිය,රටට උගත් බුද්ධිමත් තරුණයෙක් අහිමිය.

දයාබර සොයුර ඔබට නිවන් සුව ....!

Saturday, January 28, 2012

ඇප මත නිදහස් කෙරුණු සිසු පස්දෙනා පොලිසියේ පෙනීසිටි...

2011.01.17 දින බලන්ගොඩ දිසා අධිකරණය විසින් අප මත නිදහස් කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනා අද දින (2012.01.29) පළමුවරට සමනල වැව පොලිස්ථානයේ පෙනී සිටීමට නියමිතය. බලන්ගොඩ දිසා අධිකරණයෙන් ඔවුන්ට නියම කරන ලද්දේ සෑම මසකම අවසාන ඉරු දින සමනල වැව පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසයි.

Tuesday, January 24, 2012

සබරගමුවේ තවත් අරුමයක්...

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ කිසිදාක නොවූ දෙයක් අදත්(23-01-2012) සිදුවුණා. එනම් කරගස්තලාව විහාරස්ථානය විභාග මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමයි.


පසුගිය 17 වනදා ඇප මත මුදාහැරුණු සිසුන් පස්දෙනාට දැනට  විශ්වවිද්‍යාල භුමිය හා නේවාසිකාගාර භුමිය තහනම්ව පවතිනවා. මෙම සිසුන් පස්දෙනාගෙන් දෙදෙනෙකුට දැනට තම දෙවන සමාසිකයේ විභාගය ආරම්භ වී තිබෙනවා.  විශ්වවිද්‍යාල භුමිය තහනම්ව පවතින මෙම සිසුන් පස්දෙනා විභාගයට පෙනීසිටින්නේ කරගස්තලාව විහාරස්ථානයෙයි.




පෞද්ගලික විශ්වවිද්‍යාල


වර්තමාන ශ්‍රී ලංකාව තුල ඉතාමත් කතා බහට ලක්වන මතෘකාවක් වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද පනතයි. මේවන විට රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිසුන් මේ සම්බන්ධව දැඩි ලෙස විරෝධය පළකරමින් පවතින සමයකි.ජ'පුර, පේරාදෙණිය, කැලණිය, සබරගමුවරජරට  යන සරසවි මේ පිලිබඳ  දැඩි ලෙස විරෝධය පල කරමින් මීට වසර ගණනාවකම සිට විවිධ උද්ඝෝෂණ, පිකටින් ව්‍යාපාර සංවිධානය   කර ඇත. මේ අතර කොළඹ, මොරටුව සරසවිද මීට පෙර තිබු තත්වයෙන් බැහැරව
 පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද පනතට විරුද්ධව   පෙළ ගැසී ඇත. 


Saturday, January 21, 2012

සිසුන්ට තර්ජනය කිරීමක්..

               ඊයේ (2012.01.20) ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ බණ්ඩාර පිරිමි නේවාසිකාගාරයට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු එම නේවාසිකාගාරයේ සිටි සිසුන්ට තර්ජනය කර ඇත. මෙම පුද්ගලයින් දෙදෙනා පැමිණ ඇත්තේ SG MK 6955 අංකය දරන discovery වර්ගයේ කළු පහැති මෝටර් බයිසිකලකිනි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇති අතර පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. එමෙන්ම භූ විඥාපන පීඨයේ පීඨාධිපතිතුමා, ශාලාධිපතිවරු, උපශාලධිපතිවරු ඇතුළු වගකිවුතු සෑම පාර්ශවයක්ම දැනුවත් කොට ඇත.



Wednesday, January 18, 2012

සබරගමු සිසුන් පස්දෙනා ඇප මත නිදහස්..

පසුගිය ජනවාරි මස 10 දින ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක වරයාගේ නිවසට කිසියම් පිරිසක් එල්ල කරනලද ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් පස් දෙනා ඊයේ බලන්ගොඩ දිසා අධිකරණයට ඉදිරි පත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කරන ලදී.මීළඟ  නඩු වාරය 2012.06.05 වන දිනට කල් දමන ලදී.මෙහිදී සිසුන්ට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කරන ලදී.