Tuesday, January 24, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල


වර්තමාන ශ්‍රී ලංකාව තුල ඉතාමත් කතා බහට ලක්වන මතෘකාවක් වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද පනතයි. මේවන විට රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිසුන් මේ සම්බන්ධව දැඩි ලෙස විරෝධය පළකරමින් පවතින සමයකි.ජ'පුර, පේරාදෙණිය, කැලණිය, සබරගමුවරජරට  යන සරසවි මේ පිලිබඳ  දැඩි ලෙස විරෝධය පල කරමින් මීට වසර ගණනාවකම සිට විවිධ උද්ඝෝෂණ, පිකටින් ව්‍යාපාර සංවිධානය   කර ඇත. මේ අතර කොළඹ, මොරටුව සරසවිද මීට පෙර තිබු තත්වයෙන් බැහැරව
 පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද පනතට විරුද්ධව   පෙළ ගැසී ඇත. 




අප කතා බහට ලක් කල යුතු කරුණ වනුයේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද පනතට විරුද්ධ විය යුත්තේ අයි????එහි ඇති අතුරුප්‍රතිපල   හා සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට මෙය කුමන ආකාරයෙන් බලපාන්නේද යන්නයි. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද පනත සරලවම අර්ථ දැක්වීමට අනුවනම් "සල්ලි ඇත්නම් ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය වර්ගයේ උපාධියකට උරුම කම් කිවහැක".මෙය කෙතරම් දුරකට මේ පුංචි රටට ගැලපේද??

මෙන්න මේ සන්ධිස්ථානයේදී අප හමුවේ ප්‍රශ්නාර්ථයක් ඉතිරි වේ.ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා මධ්‍යම පාන්තිකයන්ය.  උදාහරණයක් ලෙස ලක්ෂ 65 කට ලබාදෙන වෛද්‍ය  උපාධිය ගතහොත් උපාධිය සඳහා ගතවන කාලය අවුරුදු 5 කි. 
දිනකට උපාධිය සඳහා වෙන් කලයුතු මුදල =රු  6500000 / (365*5) =රු 3561.65

මධ්‍යම පන්තික රජයේ සේවකයෙකුගේ මාසික වැටුප රු. 21000 සිතමු. එවිට ඔහුගේ දිනක වැටුප රු.700 කි. එවැනි මධ්‍යම පාන්තික රජයේ සේවකයෙකුගේ  දරුවකුට කිසිදාක මෙවැනි උපාධියක් ලබාගැනීම සිහිනයක් නොවේද? ඊලගට මතුවන පැනය මේ පිඹුරුපත් සකස් කරන්නේ රටේ දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමටද නැද්ද යන්නයි. තව එක් කරුණක් නම් සාමාන්‍යයෙන් ලංකාවේ  වෛද්‍ය  විද්‍යාලයට ඇතුළු වීමට උසස්පෙළ විභාගයෙන් A සමාර්ථ 3 ක් සිසුවෙකුට අපහසු තත්වයක් රට තුල පවතී. උසස් පෙළ විභාගයට A  අකුරු ක් ලබාගෙන වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු විය නොහැකි දුප්පත් දරුවෙකුට උපාධියක් අහිමිව නිවසට වී සිටීමට සිදුවනු ඇත.නමුත් ධනවත් උසස් පෙලට S3ක් හෝ ඊටත් අඩු ප්‍රතිපලයක් සහිත දරුවෙකුට පෞද්ගලික විශ්වවිද්‍යාලකින් ලබා ගත හැක.දැන් අප මෙහි ඇති අදුරු පැතිකඩ දෙස හැරෙමු.වසර 5 කට පසු උසස්පෙළ A3 ක් සමග රජයේ  වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වූ දරුවාත්,පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වූ දෙදෙනාම රෝගීන්ට ප්‍රතිකාර කරයි.මෙහිදී රෝගීන්ගේ ජිවිත හෙලන අවධානම ගැන අමුතුවෙන් නොකිවමනාය.වෛද්‍යවරයෙකු ගන්න තීරණයකදී රෝගියාගේ ජීවිතය පවා තීරණය වේ.කෙනෙකුගේ ජිවිත අයිතිය තීරණය කිරීමේ අයිතිය යමෙකුට මුදල් තිබු පමණින්ම ලබා දිය යුතුද?වෛද්‍ය වෘත්තිය යනු හුදෙක්ම වෘත්තියක් නොවන්නේ මේ නිසාය.මෙම තත්වය ඉංජිනේරු,මැනුම් විද්‍යා,ප්‍රමාණ සමික්ෂක,කළමණාකරන ආදී සියලු විෂය පත වලට පොදු වන්නේය.

රජයක් පත්කරන්නේ රටේ මහජනතාවයි. රජය තීරණ ගතයුත්තේ මහජනතාවට හිතකර වන පරිදිය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත විශාල වාසි සහගත දෙයක් යයි රටට පෙන්වීමට උත්සහ කරත් එහි ඇති අනිසි ප්‍රතිඵල ගැන කතා නොකරයි. උසස්පෙළ ප්‍රතිපල අවුලේදී ඔහු ප්‍රකාශ කලේ මෙම ප්‍රතිඵල පරක්කු වීමට බලපාන්නේ උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට සිටින දරුවන් හට බවයි. නමුත් අමාත්‍යවරයා නොදකින පැත්තක් ඇත.
තම උසස්පෙළ ප්‍රතිපල මත විශ්වවිද්‍යාල වලට ප්‍රවේශ වීමට නොහැකි වුවහොත් නැවත විභාගය ලිවීම සඳහා දරුවන් බලාසිටින බව ඔහුට පසක් නොවේ. ඔහු නිතරම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම වෙනුවෙන් පෙනීසිටි. ඔහුත් රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාලෙකු බව ඔහුටත් අමතක වී ඇති සෙයිනි. පළමුව රටේ දුප්පත් දරුවන්ගේ අනාගතය ගැන සිතා ඔවුන් වෙනුවෙන් හා රටේ අනාගතය වෙනුවෙන් දේශපාලඥයන් තීරණ ගත යුතු බව අවසාන වශයෙන් සිහිපත් කරමු.

No comments:

Post a Comment