Wednesday, July 4, 2012

සමනල වැව යෝධ නිදිකුම්බා උවදුරෙන් ගලවා ගනිමු..


සමනල වැව යනු සබරගමුව සබරගමුව පළාතේ විශාලම ජලාශය වේ.එමෙන්ම දේශීය, විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගත් ස්ථානයකි.හිරිකටු ඔය,බෙලිහුල් ඔය,වලවේ ගඟ සහ තවත් ජලපෝෂක වලින් පෝෂණය වන සමනල වැව මේ වන විට යෝධ නිදිකුම්බා ශාකයේ තර්ජනයට ගොදුරුව ඇත.මේ ලිපිය පාදක වන්නේ දැනට සමනල වැව් තාවුල්ල,වැව රක්ෂිතය වසා පැතිර යමින් පවතින අලකේශ්වර යෝධ නිදිකුම්බා උවදුර පිළිබඳවයි.

සමනල වැව

යෝධ නිදිකුම්බා ශාකය දැනට ලංකාව තුල ආක්‍රමණික ශාකයක් ලෙස පරිසර වේදීන් හදුනාගෙන ඇත.උඩවලව, කන්ද උඩරට ප්‍රදේශවල දැනට මෙම පැලෑටිය ශීඝ්‍රයෙන්පැතිර යයි.යෝධ නිදිකුම්බා ශාකය
ඉතා තියුණු කටු සහිත,වසර දෙකක් පමණ වයසැති ශාකයක් වර්ග අඩි 30 ක පමණ වපසරියක විසිරි පවතී. වියලි බීජ සුළඟ හා ජලය මගින් පැතිරී යාම නිසා ගහනය දිනෙන් දින ඉතා පුළුල් වේ.ශාකය විනාශ කිරීමට ගත හැකි එකම පියවර වන්නේ ශාකය කපා ගිනිතබා විනාශ කිරීම පමණි.



යෝධ නිදිකුම්බා බීජ









සමනල වැව් තාවුල්ලේ යෝධ නිදිකුම්බා ගහනය


අප විසින් 2012-07-04 දින සමනල වැව් තාවුල්ලේ සහ රක්ෂිතය අවට කරන ලද සංචාරය අනුව අපට පැහැදිලි වුයේ අක්කර 5 ක පමණ භුමි භාගයක් මෙම උවදුරට ගොදුරු වී ඇති බවයි.


මෙම උවදුරෙන් සමනල වැවට හා එහි අවට ගම්වැසියන්ට ඇති අවදානම.
  • ගහනය ජල පෝෂක කලාපය දක්වා පතිරුනහොත් ජල උල්පත් සිඳී යාමේ අවධානම.
  • බීජ ජලය හා සුළඟ මගින් සමනල වැව අවට කුඹුරු සහ අනෙකුත් වගා භුමි වෙත පැතිරීමේ අවදානම්.එමෙන්ම එහිදී සිදු විය හැකි හානිය පුර්වොකල්පනය කල නොහැකි තරම්ය.
  • රමණිය සමනල වැව් තාවුල්ලේ සුන්දරත්වය විනාශ වීම.
  • විධිමත් විනාශ කිරීමකින් තොරව විනාශ කල නොහැකි නිසා ඉතාම සුළු ඉඩකඩක වුවද ඝනව,සරුසාර ලෙස වැඩි ගහනය වැඩි කිරීමේ හැකියාව
  •  

අපගේ අදහස නම් මෙම උවදුරෙන් සමනල වැව හා එහි ජල පෝෂක භුමිය බේරාගැනීමේ අයිතිය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව වන අපහටද ඇති බවයි..

5 comments:

  1. හොඳ පිවිසුමක්. දැං වැඩ සංවිදනය කරපල්ල සහෝදර වරුනේ. ඉස්සරහට කෑගහපු උංගෙන් ටික දෙනයි වැඩකට එන්නෙ. එන උං එක්ක වැඩට බැහපල්ලා. කරන ඕනෙ වැඩ කරපල්ලා. ජයෙන් ජය.

    ReplyDelete
  2. how did you guys identify these areas affected by these plants? Using remote sensing or field visits?

    why don't you join with us(department of geology, UOP) to discuss further about this matter?

    Our guys would have better ideas.

    This is what came into my mind...

    An experiment could be done under controlled conditions to see whether the soil around Samanala Wewa is favourable for the growth of giant Nidikumba, and the minerals contained in the soils. And thereafter if a such a mineral is responssible, the mineral could be made to transfer into another mineral which does not facilitate the growth.

    Also a pesticide or a chemical which inhibits the growth could be implemented.

    Send me a mail to pasansherath@gmail.com

    ReplyDelete
    Replies
    1. we identified these areas by using only field visit.we will send you e mail about this disaster.we really appreciate your effort brother..thanx..

      Delete
    2. ඔන්න මලේ නාමල.

      ඒක තවත් වැදගත් වෙයි. අපේ වි.වි. තියනව geomatics, AG, NR. මේ වගෙ උදවු ගන්න පුලුවන් තන් වලින් උදවු ගන්න එක වඩේටත් වටිනව, දැනුමටත් ගොඩක් වටිනව.

      පොඩියට උනත් රාජ්්ය ආයතන වලිනුත් තොරතුරු, උපදෙස් ගන්න පුලුවන් නම් එකත් හොඳයි.

      Delete