Thursday, June 28, 2012

සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුව ජය ගනී..


අත්තනෝමතික ලෙස පන්ති තහනම් කළ ශිෂ්‍යයන් 58 දෙනා වෙනුවෙන් පෙනී සිටීම නිසා ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළුව පීඨ ශිෂ්‍ය සංගම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තහනම් කර අදට දින 455 ක් වන අතර එසේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කරන ලෙස බල කරමින් ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින (28 ) සාමකාමී පා ගමනක නිරත වූ අතර ලේඛකාධිකාරී කාර්යාලය අසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයකද නිරත වූහ.එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කරන බවටත් එ සඳහා අදාල නිවේදනය ලබන සඳුදා දින නිකුත් කරන බවටත් විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන් ඉදිරියේදී පොරොන්දු වන ලදි.

මෙය ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන්ගේ මෙන්ම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේද සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

Tuesday, June 19, 2012

සදා සමරමු විරු සිසුවෝ..



‘‘නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු අප සතු යුතුකමක් නොව අප උර මත පැටවුන වගකීමකි’’ එදා වෙනුර එදිරිසිංහ සොයුරා තම කපා දැමූ ඇඟිලි සහිත සුරතින් තමා රඳවා සිටි සිර කුටියේ බිත්තියේ ලියන ලද වැකියකි. තැලෙන්න තැලෙන්න පන්නරය වන වානේ මෙන පාලක ධනපති ගහලයන්ගේ මර්දනයේ රුදුරු හස්ථයට හසුවන හැම මොහොතක් පාසාම වඩා ජව සම්පන්න වන වඩා අධිෂ්ඨානශීලී වන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට අධ්‍යාත්මික අවි සැපයූ වෙනුර එදිරිසිංහ වැනි පරමාදර්ශී අපේම අයියලා අක්කලා අපේ වීරයෝ සමරණ තවත් ශිෂ්‍ය වීර දිනයක් අබිසට අප පැමිණ සිටින්නෙමු.
ඔවුන් නිදහස් අධ්‍යාපනය අද වන තුරු රැක ගැනීමට තම ලේ, කඳුළු,දහඩිය කැප කලෝය.

Tuesday, June 12, 2012

අන්තරය තහනම් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලයි


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බව සමස්ථ ලංකා සිසු හැරවුම් ව්‍යාපාරය සඳහන් කරයි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ අයිතිවාසිකම් හා සරසවි ආචාර ධර්ම කෙලෙසමින්ද සරසවියට ඇතුළු වන නවක සිසු සිසුවියන් වෙතින් තම කාමුක ආශාවන් සහ අනෙකුත් අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම සඳහා නවක වද භිතිකාව පතුරුවමින්ද මේ වන විට මෙරට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය අගාධවට ඇදගෙන යාමට කටයුතු කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වහාම තහනම් සංවිධානයක් කිරීමට අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සියලූ කටයුතු සූදානම් කොට ඇතැයිද ඔවුන් පවසයි.
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ නීතිමය රාමුවට සම්පූර්ණයෙන්ම පැටහැනිව පටු දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවන ලද සංවිධානයක් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සරසවි සිසුන් උසි ගන්වමින් ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ න්‍යායපත‍්‍රයට අනුය කටයුතු කරන බවද පවසන එම ව්‍යාපාරය අන්තරය තහනම් කිරීම උදෙසා දියත් කිරීමට සූදානම් වන අධිකරණ ක‍්‍රියාවලිය සඳහා මහා සංඝ රත්නයේ ආශිර්වාදයද, රජයේ සහ මහජනතාවගේ සහයෝගයද බලාපොරොත්තු වන බව කියා සිටී.


පසු වදන..

ඔබත්,මමත් නිදහස්  අධ්‍යාපනයේ දරුවෝ වෙමු.සිසු හැරවුම යයි කියාගනිමින් ආණ්ඩුවට පැහැදිලිවම කඩේ යන මේ පුද්ගලයි අඩුම තරමේ මහපොළ ශිෂ්‍යත්වය වර්තමානයේ ශිෂ්‍යයෙකුගේ මාසික වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවෙතැයි නොදන්නා අමනයෝය..
 


Saturday, May 5, 2012

සමනල වැව පිස හමා ගිය වෙසක් මඳ නළ..

                                           වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයයි. වෙසක් දිනය බුදුන්ගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.වෙසක් උත්සවය නිමිති කරගෙන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ  භූ විඥාපන පීඨ ශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කරන ලද ඔසු පැන් හා මල් දන්සල මැයි මස 5 වන දින කරගස්තලව මංසන්දියේදී පැවැත්විණි.පිඨයේ සියලුම සිසුන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවතී, මෙම පුණ්‍ය කර්මය සදහා කරගස්ත්ලව විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු එම ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව දැක්වූ සයෝගය අගය කල යුතුය.  


විශේෂ අවස්ථාවන් කිහිපයක් කැමරා කාචයේ සටහන් වූ අයුරු. 

 
 





 

 










ඔබ සැමට සිත්පහන් දැල්වෙන වෙසක් මංගල්‍යක් වේවා !!!!!

-------------------------------------------------------------------------------------------------------


 

Thursday, April 26, 2012

හමු වීම හා සමු ගැනීමේ වෙනස..

--------------------------------------------------------------------------------------------


                                                           2012.04.27 වන දින ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 14 වන උපාධි ප්‍රදානෝත්සවය පැවැත් වීමට නියමිතය.2006/2007 හා 2007/2008 කණ්ඩායම් වල සහෝදර සහෝදරියන් මෙදින උපාධි ලබා ගැනීමට නියමිතය .ආදරණිය සහෝදරයා ,සහෝදරිය ඔබ සියලු දෙනා යනු සබරගමු විශ්වවිද්‍යාලිය ඉතිහාස පොතෙන් කිසිදා මකාලිය නොහැකි චරිත වන්නේය.එය අවිවාධාත්මකය. ව්‍යවහාරික විද්‍යා පිඨය සබරගමුව විශ්වවිද්‍යාලිය මවු භූමියට ගෙන  ඒම,කෘෂි විද්‍යා පිඨයේ ගොඩනැගිලි හා ගොවිපොළ සංවර්ධය කර ගැනීම,සමාජීය  විද්‍යා හා භාෂා පිඨයේ පීඨ සංකීර්ණය වැඩ නිමවා සිසු අයිතියට පත් කරවා ගැනීම,කළමණාකරන අධ්‍යයන පිඨයේ ශ්‍රවණාගාරය ලබා ගැනීම,දැනට ඉදිවෙමින් පවත්නා භූ  විඥාපන පීඨ සංකීර්ණය අනුමත කර වැඩ ආරම්භ කරවා ගැනීම,ක්‍රීඩාපිටිය සාදවා ගැනීම මේ අතරින් සමහරකි.මේ ඉතිහාසය වලදමන අදම මිනිසුන් සිටින සමයකි..ඔබ අපට ලබාදුන්නේ ආදර්ශයක් නොව පරමාදර්ශයකි..









දයාබර සොයුර සොයුරිය,ඉදිරිය එළබෙන නව යුගය

 ජයගැනුමට ඉත සිතින් සුබ පැතුම් ගෙනෙමු අප...!




----------------------------------------------------------------------

Wednesday, April 4, 2012

භූ විඥාපන පීඨයේ පළමු උපාධිධාරීන් කණ්ඩායම පිටව ගොස් අප්‍රේල් 10 දිනට වසර දහයයි..

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකක් වන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ සුන්දර බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටා ඇත. දකුණු ආසියාවේ එකම භූ විඥාපන පීඨය වන්නේ  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයයි(Faculty Of Geomatics). මැනුම් විද්‍යා ක්ෂේතයට අදාල විද්‍යාර්ථයෙක්  වීම සඳහා ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය තුල පවතින එකම උපාධි පාඨමාලාව මෙය වේ. 
1997 වර්ෂයේදී ශ්‍රීලංකා  සබරගමුව විශ්වවිද්‍යාලය තුල මැනුම් විද්‍යා අධ්‍යනංශයක් වශයෙන් ආරම්භ වූ අතර 2004 අගෝස්තු 23 වන දින භූ විඥාපන පීඨය බවට පත්විය. අද වන විට භූ විඥාපන පීඨයෙන් උපාධිධාරීන් කණ්ඩායම් 10ක් පිටවී ගොස් ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ හා විදේශ රටවල සේවය කරමින් සිටී. ඉතාමත් ප්‍රථමික පහසුකම් යටතේ ආරම්භ වූ  භූ විඥාපන පීඨය අද වන විට නවීන මැනුම් උපකරණ වලින් හා  නවීන පහසුකම් වලින් සමන්විත වේ. පීඨයක් ලෙස භූ විඥාපන පීඨය වසර 15ක් ආ ගමන් මග දෙස බැලීමේදී පීයෙන් පිටව ගිය හා දැනට අධ්‍යන කටයුතු වල නිරත වන ශිෂ්‍ය කණ්ඩායම් වලින් කල මෙහෙවර සුවිශාලය. සබරගමුව විශ්වවිද්‍යාලයෙන් පිටවූ ප්‍රථම මැනුම් විද්‍යා උපාධිධාරී කණ්ඩායම ලෙස ඔවුන් මුල් අවධියේදී මිනින්දෝරු ක්ෂේත්‍රයේ විවිධ අභියෝග වලට මුහුණදීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ මිනින්දෝරුවන් සඳහා වන එකම රාජ්‍ය ආයතනය වන මිනිදෝරු දෙපාර්තමේන්තුව ඔවුන් බඳවා ගනු ලැබුවේ වසර කිහිපයකට පසුව වීම කදිම උදාහරණයකි. 
                             





පළමු කණ්ඩායමේ ජායාරුප  කිහිපයක්..


අද වනවිට මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුල හා පෞද්ගලික අංශය තුල සබරගමු මිනිදෝරු උපාධිධාරීන් සඳහා විශාල ඉල්ලුමක් පවතී. එදා අවම පහසුකම් යටතේ ආරම්භ වූ පීඨයේ අද වන විට  පීඨසංකීර්ණයේ කටයුතු නිම වෙමින් පවතී.




ඉදිවෙමින් පවතින  භූ විඥාපන පීඨ සංකීර්ණය..