1997 වර්ෂයේදී ශ්‍රීලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල මැනුම් විද්‍යා අධ්‍යනංශයක් වශයෙන් ආරම්භ වූ අතර 2004 අගෝස්තු 23 වන දින භූ විඥාපන පීඨය බවට පත්විය. අද වන විට භූ විඥාපන පීඨයෙන් උපාධිධාරීන් කණ්ඩායම් 10ක් පිටවී ගොස් ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ හා විදේශ රටවල සේවය කරමින් සිටී. ඉතාමත් ප්‍රථමික පහසුකම් යටතේ ආරම්භ වූ භූ විඥාපන පීඨය අද වන විට නවීන මැනුම් උපකරණ වලින් හා නවීන පහසුකම් වලින් සමන්විත වේ. පීඨයක් ලෙස භූ විඥාපන පීඨය වසර 15ක් ආ ගමන් මග දෙස බැලීමේදී පීඨයෙන් පිටව ගිය හා දැනට අධ්‍යන කටයුතු වල නිරත වන ශිෂ්‍ය කණ්ඩායම් වලින් කල මෙහෙවර සුවිශාලය. සබරගමුව විශ්වවිද්‍යාලයෙන් පිටවූ ප්‍රථම මැනුම් විද්‍යා උපාධිධාරී කණ්ඩායම ලෙස ඔවුන් මුල් අවධියේදී මිනින්දෝරු ක්ෂේත්‍රයේ විවිධ අභියෝග වලට මුහුණදීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ මිනින්දෝරුවන් සඳහා වන එකම රාජ්‍ය ආයතනය වන මිනිදෝරු දෙපාර්තමේන්තුව ඔවුන් බඳවා ගනු ලැබුවේ වසර කිහිපයකට පසුව වීම කදිම උදාහරණයකි.
පළමු කණ්ඩායමේ ජායාරුප කිහිපයක්..
ඉදිවෙමින් පවතින භූ විඥාපන පීඨ සංකීර්ණය..
ජයෙන් ජය
ReplyDeletecongratulatin for all.....
ReplyDeleteඑදා අවම පහසුකම් වලින් ගමන් අරම්භ කරපු අපි අද වෙනකොට දිවුනුවෙන් දිවුනුවට පත්වෙලා තියෙන්නේ එදා
ReplyDeleteමෙදා තුර කල සියලු දෙනාගේ ම කෑපකිරිම් මතින්.එය අරම්භ කල අභිමානවත් මුල් පුරුක ඔබයි.FACULTY යක් වෙලා අවුරුදු 8 වගේම,අපේ FACULTY යට අවුරුදු 15 ක් සපිරෙනවා නේද?