"සාර්ථක මිනිසෙකුට ගත වන සෑම තත්පරයක්ම වැදගත්ය".
සබරගමුවේ අපේ හඬ නිහඬ වී මේ වන විට වසරක අසන්න කාලයක් සම්පුර්ණ වෙමින් පවතී.අප කල්පනා කල යුත්තේ මේ නිහඩ වීම අපට කෙලෙස බලපෑම් කලේද යන්නයි.මෙම නිහඩ කර වීම මගින් සිදු අයහපත් සිදු වීම් එමටය.අපට පැන නගින පැනය වනුයේ මෙම නිහඩ කර වීම මගින් ඔවුන් බලාපොරොත්තු වන සාධනීය ප්‍රතිපලය කුමක්ද යන්නයි.??මේ පිළිබඳව පිළිතුරක් දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත.
ඔබත් මමත් දන්නා පරිදි අද වන විට සමාසික ප්‍රතිපල නිකුත් කිරීමට මස 8 පමණ කාලයක් ගත විය.විෂය නිර්දේශය මගින් නියමිතව ඇති ක්ෂේත්‍ර චාරිකා කිසිදු වග විභාගයකින් තොරව අතහැර දමා ඇත.පසුගිය සමාසික දෙක තුල සියලුම පීඨ වල බොහෝ වසර වලට මේ ඉරණම අත්ව ඇත.මේවා වූ කලි සාධාරණ සිසු ගැටළු නොවන්නේද??ක්ෂේත්‍ර චාරිකා පවතින්නේ පත පොතින් උගෙන නොහැකි කරුණු ක්ෂේත්‍ර ගොස් අධ්‍යයනය කොට ඒ පිළිබඳව හැදෑරීමටය.ක්ෂේත්‍ර චාරිකා පිළිබඳව සිසුන් විමසු විට පීඨ පරිපාලනයන් චුයින්ගම් න්‍යාය භාවිත කරමින් සමාසිකය අවසානයක් දක්වා ඇදගෙන ගොස් අවසානයේදී එය ඉටු නොවන තත්වයට පත් කරයි.සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුලත් වන්නේ යම්කිසි විෂය නිර්දේශයක් ක්‍රමානු කූලව හැදෑරීම සඳහාය.උපාධිධාරියෙකු යනු රටේ සංවර්ධනයේ පෙර ගමන් කරුවෙකුය.එහෙයින් උපාධිධාරින් පිලිබඳ දක්වන සැලකිල්ල රටේ අවසන්ව නොවන්නේද??
ගතවන මේ නිමේෂය බොහෝ සෙයින් වැදගත්ය.ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට කෙටිකාලින ඉතිහාසයක් තිබුවද, එය ඉතා අභිමානවත්ය,මේ අභිමානවත් ඉතිහාසය පිලිබඳ දන්නා පරපුරක් තවමත් විශ්විද්‍යාලය තුල ඉතිරිව ඇත.එහෙයින් එම පරපුර වන ඔබට සහ අපට ඉටුකිරීමට විශාල කාර්යභාරයක් ඇත.
මේ පිළිබඳව ශක්තිමත් කතිකාවතක් හා සංවිධානාත්මක පව්රක් ඉතා ඉක්මනින් ඉල්ලා සිටි..
මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස් හා යෝජනා අප අපේක්ෂා කරමු..