Wednesday, November 28, 2012

අතීතයට පසු වදනක්...


විශ්වවිද්‍යාලයේ ඉන්න තියෙන කාලේ නොදැනුවත්වම ගෙවිලා ගිහින් final Exam එකත් අවා.මම පරණ Notes ටිකක් අවුස්සනකොට වටිනා දෙයක් හම්බුනා.මේක අපි 2009-08-19 දින UGC එක ඉස්සරහ කරපු උද්ඝෝෂණයට මුලික වෙච්ච ප්‍රශ්න 16.වසර තුනකට පසුව හැරිලා බලනකොට මේ ප්‍රශ
්න දහසයෙන් දෙකක් (9,10) හැරෙන්න සියලු දේ අපි දිනලා තියෙනවා.රුපියල් මිලියන 1000කට වැඩි වටිනාකමකින් යුත් භෞතික සම්පත් විශ්ව විද්‍යාලයට ගෙනවිල්ල තියෙනවා.ලංකාවේ හොදම විශ්වවිද්‍යාලය වෙන්න අපිට කිසිම බාධාවක් නෑ කියල මම හිතනවා. මිට වසර ගණනකට කලින් දැන් තියෙන සම්පත් වලින් 10%ක් වත් තිබුනේ නෑ . අපි පීඨ 5 විදියට ඉතාමත් ශක්තිමත් සහෝදරත්වයේ බැම්මක් මතින් කරපු අසීමිත කැප කිරීම් තුලින් අද ඔබ,මා දකින විශ්වවිද්‍යාලය බවට පත් කලා .මේ ජයග්‍රහණ විශ්වවිද්‍යාලයේ සියලු සහෝදරත්වයේ ජයග්‍රහනක් .