Friday, August 3, 2012

අන්තර් විශ්වවිද්‍යාලයීය මලල ක්‍රිඩා උළෙලේ සමස්ත ශුරතාවය සබරගමුවට

2012 . 07 . 28 සහ 29 යන දෙදින තුල පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය මලල ක්‍රීඩා උළෙලේ, සබරගමුව විශ්වවිද්‍යාලයට සමස්ත ශුරතාවය දිනා දුන් මලල ක්‍රීඩා කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම්. 

       

Thursday, August 2, 2012

Z ලකුණු අර්බුධය හා ශ්‍රී ලංකාව..



ශ්‍රී ලංකාව යනු තුන් වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකි.රටක් සංවර්ධනය කරා යන ගමනේදී පළමු තැන අධ්‍යාපනයට හිමි විය යුතුය.එය අවිවාධිත  විශ්ව සත්‍යයකි.නව නිපැයුම්,නව සංකල්ප බිහිවනු ලබන්නේ මිනිසුන් අධ්‍යාපනය තුලින් ලබා ගන්න වූ සාර්ථකත්වය මගින් වන බැවින් අධ්‍යාපනය කෙරෙහි දක්වන අවධානය ඉතා ඉහල අගයක පැවතිය යුතුය.රටේ මේ වන විට අධ්‍යාපනය විශාල අර්බුධ රාශියක ගිලෙමින් පවතී.ඒවා අතර වර්තමානයේ උසස් පෙළ Z ලකුණු අර්බුධය,සරසවි ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය වන්නේය.මේ අතර ගුරු සංගම්ද විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග තෝරමින් පවතී.